විරෝධතාකරුවන් අත්අඩංගුවට ගත්තේ ටී-ෂර්ට් ඇඳන් ආ පිරිසක්

මන්ත්‍රී අනුර කුමාර කියයි

anura kumara

නිල ඇඳුම් රහිත පොලිස් නිලධාරීන් කිසිදු දැනුම්දීමක් හෝ හැදුනුම්පත් පෙන්වීමකින් තොරව උද්ඝෝෂණවලට සහභාගී වූ ගුරුවරුන් සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් මෙන්ම විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් විවිධ පොලිස් ස්ථානවලින් අත්අඩංගුවට ගෙන වරාය පොලිසියේ රඳවා ගැනීම පිළිබඳ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

ඒ පිළිබඳ තමන් සොයා බලන බව මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා පිළිතුුරු දෙමින් පාර්ලිමේන්තුවේදී පැවැසීය.

ඇතැම් විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙනතිබුණේ සුදු වෑන්වලින් පැමිණි සුදු පැහැ ටී ෂර්ට් ඇඳගෙන ආ පුද්ගලයන් බවට ද එහිදී අනුර කුමාර මන්ත්‍රීවරයා කීය.


නීතිය ක්‍රියාත්මක කරන්නේ මෙලෙස දැයි අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් වරාය පොලිසියට ගෙන යාමට හේතුව විශේෂත්වය කුමක්ද යන්න ද පිළිබඳවද ඔහු ප්‍රශ්න කළේය.

Exit mobile version