පොහොට්ටුවේ නායකයන්ගේ පස්ස පැත්තට පයින් ගහන එන අයට කන පැලෙන්න ගහන්න පසුපෙල මන්ත්‍රීවරුන් සුදානම් බව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සඳහන් කරයි’
තිස්ස කුට්ටිආරචිච් මේ ප්‍රකාශය කරන්නේ ආණ්ඩුවේ සෙසු පක්ෂ 11ක් ඊයේ (29) පිටකෝට්ටේ සෝලියස් ශාලාවේ දී පවත්වන ලද මහජන මන්ත්‍රණ සභාවේ දී අමාත්‍ය විමල් වීරවංශ කී ජනමතයට පසුපස හරවන අයෙක් වේ නම් ඔහුගේ පසුපසට රිදෙන්න පහර ගසා නිවැරදි මාවතට ගත යුතු බවට ඔහු කී ප්‍රකාශයට පිළිතුරු දෙමිනි.
තිස්ස කුට්ටි ආරච්චි වැඩිදුරටත් කීවේ ආණ්ඩුවේ තනතුරු දරමින් ආණ්ඩුව විවේචනය කරනවාට වඩා කොන්ද පණ තිබේ නම් ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වී ආණ්ඩුව විවේචනය කරන ලෙසය.







