ශ්‍රි ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය අද වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 3.1ක දක්වා ඉහළ ගොස් ඇතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. තම ටිව්ටර් ගිණුමට පනිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ රජය ප්‍රකාශ කළ පරිදි මෙම සංචිත ඉහළ ගිය අතර 2021 වසර අවසානය වන තෙක් විදේශ සංචිත මෙම ප්‍රමාණයට ආසන්න සීමාවේ පවතිනු ඇති බවය.
මහ බැංකුව සතුව පැවති විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 1.2ක් පමණ දක්වා පහත වැටී තිබුණු අතර මෙම ඒවා බිලියන 3.1ක් දක්වා ඉහළ ගිය ආකාරය පිළිබඳව මහ බංකු අධිපතිවරයා පැහැදිළි කර නැත. මූල්‍ය විශ්ලේශකයන් විශ්වාස කරන්නේ චීනයෙන් ලද ස්වැප් මුදල් හුවමාරුව යටතේ ලබා ගැනීම ට සැලසුම් කළ ඩොලර් බිලියන 1.5ක ණය මුදල මෙයට හේතු වන්නට ඇති බවය.