කිසිදු ආයතනයකින් සහය ලබා ගැනීමකින් තොරව විදේශ සංචිත පිළිබඳව අර්බුදය විසඳීම රජයේ අරමුණ බවත් දැනට පවතින විදේශ ණය කිසිදු අඩුපාඩුවක් නැතිව සෑම ඩොලරයක්ම ගෙවීමට කටයුතු කරන වවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. අද පාර්ලිමේන්තුවේ දී පැවැති අයවැය කාරක සභා අවස්ථාවේ තෙවන වර කියවීමේ ඡන්ද විමසීමට පෙර අවසාන කතාව පවත්වමින් මුදල් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ මේ සඳහා සැලැස්මක් රජයට පවතින බවය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැන ආයතනවලින් ණය ලබා ගැනීමේදි අපට විවිධ කොන්දේසිවලට යටත් වීමට සිදුවන බවත් එවැනි කොන්දේසි පනවන්නේ නම් මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමේ අදහසක් නොපවතින බවත් සඳහන් කළේය. කෙසේ වුවද ගෙවීමට ඇති විදේශ ණය නිසි කලට වෙලාවට ගෙවන බව වගකීමෙන් යුතුව පවසන බව කී මුදල් අමාත්‍යවරයා ජනවාරි මාසයේදී ගෙවීමට නියමිත ඩොලර් මිලියන 500 ත් ජූනි මාසයේ ගෙවීමට නියමිත ඩොලර් මිලියන 1000ක් ගෙවිමට සැලසුම් ඇති බවද පෙන්වා දුන්නේය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ මුදල් අමාත්‍යවරයා 2019 වසරේ විචේශ සංචිත ධන අගයකට ගෙනාවා කියල කියනවා. නමුත් ඒ වසරේ බිලියන 454ක් වටිනා බිල් ගෙවා තිබුණේ නෑ. අද අප දැඩි මුදල් අර්බුදයකට පත් වෙලා තිබෙනවා. විදෙශ සංචිත පිළිබඳවත් අපි බැරූරුම් තත්ත්වයක ඉන්න බව පිළිගන්නවා. මම පැහැදිළිව අපිට ගෙවන්න තියන සෑම ඩොලර් ඒකක්ම අපි අනිවාර්යෙයන්ම ගෙවනවා. ඒ පිළිබඳව තිබෙන සැලැස්ම අපි පැහැදිළිව මේ සභාවට කියල තියනවා. අපි ඒක කරනවා
“අර්බුදයට හේතුතිබෙනවා. සංචාරක ව්‍යාපාරයෙන් 2019 ඩොලර් මිලියන 3607ක් ලැබුණා.
එත් 2020 ලැබුණේ සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් මිලියන 100යි. විදේශ සම්ප්‍රේෂණ 2020 දී 6103කින් අඩු වුණා.
ආර්ථිකය අවුල් වුණේ කොවිඩ් නිසාම නෙවෙයි. විපක්ෂයේ ඉන්න ඔබතුමාලා ගිය අවුරුදු පහේ කළ දේවලුත් එක්ක තමයි මේක වුණේ. 2014 දී විදේශ මුදල් හිගය බිලියන 981 ක හිගයක් තිබුණා. ක්රමෙයන් අඩුවුණා.කොවිඩ් නිසා මම කියන්නේ අපිට 2021 හිගය බිලියන 4703කට වැඩි වෙලා . අපේ සැලැස්ම තමයි මේක ක්රමෙයන් අඩුකරගෙන යන්න.
පළමු දේ අපනයන වැඩි කර ගන්න ඕන.2017 දී අපනයන නොවැම්බර් මාසසේ ඩොලර් බිලියන 941ක්. 2020 බිලියන 751කට බැස්සා. අපේ පෞද්ගලික අංශය ධීවර ඉස්සෝ යවන ඒක ඉතා ඉහළ මට්ටමකට නැග්ගා. අපේ කම්කරුවා. වතුවල කම්කරුවා නිසා අපිට පුළුවන් වුණා. 2021 දී 1732කටට වැඩි කර ගන්න.
මෙතෙක් කල් විදේශ සම්ප්‍රේෂණ 7104 අඩු ගාණේ ඩොලර් මිලියන 8000 කට 2022 දී ආදායම උපයා ගන්න බව අප සහන් කරනවා.