විදේශයන්හි සිට පැමිණෙන සියලු දෙනාටම ගුවන් තොටුපලේදී ම පී.සී.ආර්. සහ ඇන්ටිජන් පරීක්ෂණ…

විදේශයන්ගේ සිට මෙරටට පැමිණෙන සියලුම දෙනාටම  ගුවන්තොටපල තුළ රැපිඩ් සහ පීසිආර් පරික්ෂණයන් ආරම්භ  කිරීමට හැකි ඉක්මනින් කටයුතු කරන බව  නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරයි. 

ඒ සඳහා    අවශ්‍ය උපකරණ සහ විශේෂඥ නිර්දේශයන් ලැබුණු වහාම එම කටයුතු ආරම්භ කරන බව ද ඔහු කීය. පීසීආර් පරික්ෂණයන් පිටතින් කර ගැනීමට යාමේදී නවාතැන් පහසුකම් සපුරා ගැනීමට විශාල මුදලක් වැය වන බැවින් එය ආගමනිකයන්ට සහනයක් වනු ඇතැයි ද ඔහු පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විදේශයන් හී සිට පැමිණෙන සියලුම දෙනා එකහා සමානව මෙම පරික්ෂණයන් ගුවන්තොටුපල තුළ සිදුකිරිමට නම් ඒ සදහා අවශ්‍ය පහසුකම්  තිබිය යුතු බැවින් ඒවා නිසි ලෙස කළමණාකරණය කර ගැනිම මේ වන විටත් සිදුකරමින් පවතින බවද හෙතෙම පෙන්වා දුන්නේය.


Exit mobile version