ශ්රී ලංකාවට වෙනත් රටවලින් මුදල් ණයට ලබා ගැනීම අවසන් කළ හැකි යුගයක් නිර්මාණය කිරීමට සියලු පාර්ශ්වවල සහයෝගය ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කළේ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ 73 වැනි සංවත්සරයේ ප්රධාන අමුත්තා ලෙස එක් වෙමිනි.
එහිදී වැඩි දුරටත් ඔහු කීවේ දැන් ශ්රී ලංකාව විදේශ ණය ගැනීම් නැවතීමට කාලය බවත්, වෙනත් රටවල් මත යැපීමේ අවධිය නිමා කළ යුතු බවත්ය.
ශ්රී ලංකාව තමන්ගේ ජාතිය නඩත්තු කර පවත්වා ගැනීමට තමන් විසින්ම මුදල් උපයා ගැනීම ආරම්භ කළ යුතුයි…රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයා වැඩි දුරටත් පැවසුවේය.







