දිනසේන රතුගමගේ –
විදේශීය විශ්ව විද්‍යාලවලින් උපාධියක් ලබා ගෙන සිටින පිරිසටද රජයේ උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ වැඩ පිළිවෙල යටතේ රැකියා ලබා දෙන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ඊයේ ( 22) දා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ විදේශ රටවලින් උපාධි ලබා ගෙන සිටින පිරිසක් අමාත්‍යංශයට පැමිණ අමාත්‍යවරයා සමග සාකච්ඡා කළ අවස්ථාවේදීය.
උතුරු ප්‍රදේශයේ සිට පැමිණි මෙම උපාධිධාරී පිරිස අතර විදෙස් රටවල් කීපයකින්ම උපාධිය ලබාගත් පිරිස මෙන්ම මෙවර රැකියා ලබා දීමේදී නම් ඇතුළත් නොවූ උපාධීධාරීන් පිරිසක්ද සිට ඇත.
ඩග්ලස් දේවාන්නදා අමාත්‍යවරයා ප්‍රකාශ කොට ඇත්තේ ඔවුන් සියලුම දෙනාට සහනයක් සලසන බවට තමන් පොරොන්දු වන බවයි.