විදෙස්වල සිට එන කාටත්  කොරෝනා පරීක්ෂා කිරීම ගැන ජනපතිගෙන් තීන්දුවක්…

විදේශ රටවල සිට පැමිණෙන්නන්  PCR පරීක්ෂණයට භාජන කොට ප්‍රතිඵල ගුවන් තොටුපොළ පරිශ්‍රයේදීම ලබා ගැනීමෙන් පසු නිරෝධායනයට යොමු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  (04)  බලධාරීන්ට  උපදෙස් දුන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආගමන පටිපාටියට පෙර, පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙන තෙක් වෙනම ස්ථානයකට යොමු කර ඔවුනට අවශ්‍ය පහසුකම් සලසන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ අද දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවැති කොවිඩ් 19 මර්දන කාර්ය සාධක බලකාය සහ විශේෂඥ වෛද්‍යවරුන් සමඟ පැවති සාකච්ඡාවේදීය.
මේ තත්ත්වයට පසුබිම් වූයේ කටුනායක ගුවන් තොටුපළින් ශ්‍රි ලංකාවට පැමිණි ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයකු  තම තානාපති වරප්‍රසාද මත ගුවන් කොටුපළේ දී පී.සී ආර් පරීක්ෂණ සිදු කිරීම ප්‍රතික්ෂේප කිරීම සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු පිළිවෙත පිළිබඳව බලධාරීන්ට නිසි අවබෝධයක් නොතිබීම සම්බන්ධයෙන් උද්ගත වූ ගැටලුව සාකච්ඡා කළ අවස්ථාවේදීය. .

Exit mobile version