කීර්ති ප්‍රනාන්දු
ගල් අඟුරු මිල ලෝක වෙළඳපොලේ සීඝ්‍ර ලෙස ඉහළ යාම නිසා විදුලිය නිෂ්පාදනයට ඉදිරි වර්ෂයේ දී විශාල පිරිවැයක් දැරීමට සිදුවනු ඇති බවත් විදුලි ඒකකයක් රුපියල් හතරකින් පමණ ඉහළ යා හැකි බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියකු ලංකාසරට පැවසීය.
මේ වන විට ලෝක වෙළඳපොලේ ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 200 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් මෙරට අවශ්‍ය විදුලි ධාරිතාවෙන් සියයට හතළිහක් නිපදවීම ගල් අඟුරු යොදා ගනිමින් සිදුකරන බවත් ඔහු පවසයි.
මේ වන විට මෙම වසරට අවශ්‍ය ගල් අඟුරු අවශ්‍යතාවය සම්පූර්ණව පවතින බවත් අලුතින් ගෙන්වන ගල් අඟුරු මිල ඉහල යාමට ඉඩ ඇති නිසා එය ඉදිරි වර්ෂයේ විදුලි නිෂ්පාදනයට මිල ඉහළ යාමේ බලපෑමක් ඇති කරනු ඇතැයි පැවසේ.