විදුලි බිල ටික ටික ගෙවන්න… විදුලි බල ඇමති සහන ක්‍රමයක් ගැන කියයි!

කීර්ති ප්‍රනාන්දු –

ආර්ථික අපහසුතා  හේතුවෙන් විදුලි බිල්පත් ගෙවීමට නොහැකි වූ විදුලි පාරිභෝගික ජනතාවට හිඟ විදුලි බිල්පත් කොටස් වශයෙන් ගෙවීමට මාස 24 ක සහන කාලයක් දීමට කටයුතු කරන වන බව විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (21) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

එහිදී ඇමතිවරයා වැඩ දුරටත් ප්‍රකාශ කළේ හිඟ විදුලි බිල්පත් මාසික වාරික වශයෙන් ගෙවීමේදී ඒ සඳහා සුළු පොලියක් අය කරගැනීමට බලාපොරොත්තු වන බවය.   ඉදිරි දිනවලදී ඒ සඳහා අය කර ගන්නා පොළී මුදල පිළිබඳ පාරිභෝගික ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසීය.


කොවිඩ් තත්වයක් සමග විදුලිබල මණ්ඩලයට ගත වූ මාස දෙකක කාලය තුළ රුපියල් බිලියන හතලිස් හතරක මුදලක් අය විය යුතුව ඇති අතර විදුලි බිල්පත ගෙවීමට හැකි ජනතාව පවා විදුලි බිල නොගෙවීම හේතුවෙන් විදුලි බල මණ්ඩලය දැඩි අපහසුතාවකට පත්වී ඇතැයි අමාත්‍ය වරයා පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වර්ෂ 2030 වනවිට පරිසර හිතකාමී අයුරින් සූර්ය බලය හා සුළං බලය යොදාගනිමින් විදුලිය නිපදවීම සියයට හැත්තෑවකින් වැඩි දියුණු කිරීමට මේ වන විට සැලසුම් කරමින් සිටින බව ද පැවසීය.

 

 

Exit mobile version