විදුලි කප්පාදුව ගැන ජනපති විශේෂ සාකච්ඡාවක් කැඳවයි…

විදුලි කප්පාදුව සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබේ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙන මෙම රැස්වීමට විදුලිබල, බලශක්ති, සුනිත්‍ය බලශක්ති, ප්‍රවාහන ඇතුලු පුලුල් විෂය පථයක් ආවරණය කරන ඇමතිවරුන් ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන් කැඳවා තිබේ.

උද්ගත වී ඇති අර්බුදය පිලිබඳව පුලුල්ව සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම තීරණ අද සවස පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.


මේ සම්බන්ධව ඊයේ මාධ්‍යවෙත ප්‍රකාශයක් නිකුත් කළ විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී විදුලි ඉංජිනේරු එම්.ආර්.රණතුංග ප්‍රකාශ කලේ ඉන්ධන ලබාදීම පිළිබඳව සහතික විය හැකිනම් අඛණ්ඩව විදුලිය ලබාදීමේ ගැටලුවක් පැන නොනගින බවය.

කෙසේ වෙතත් ණය මුදල් පියවිය නොහැකි නම් බලශක්ති අමාත්‍යාංශය විදුලිබල අමාත්‍යාංශය වෙත ඉන්ධන ලබා දීම ප්‍රතික්ෂේප කර තිබේ.

විදුලි බල අමාත්‍යාංශයෙන් ඉන්ධන සඳහා   රුපියල් බිලියන 80ක් බලශක්ති අමාත්‍යාංශය වෙත   ගෙවිය යුතුව තිබිණි. විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ විදුලි පාරිභෝගිකයන්ගෙන් රුපියල් බිලියන 44ක හිඟ විදුලි බිල් අයකරගත යුතුව තිබෙන බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් මේ වනවිට විදුලිබල මණ්ඩලය කළ විශේෂ ඉල්ලීමකට අනුව දිනකට පැය දෙක හමාරක උපරිමකයට යටත්ව විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමැතිය ලබා දී තිබේ.

Exit mobile version