විදුලිය මිලදී ගැනීමේ දී විවෘත වෙළෙඳපල ටෙන්ඩර් කැඳවීමකින් පසු අවම මිලට විදුලිය මිලදී ගැනීමේ ක්‍රියාවලිය විදුලිබල පනතින් ඉවත් කිරීම සිදුකරනු ලැබුවේ එය ප්‍රායෝගික නොවන නිසා බවත්, එසේ අවම මිල ගණන්වලට ටෙන්ඩර් කැඳවා 2019 දී දියත් කළ සුනෙක්ති බලශක්ති ව්‍යාපෘති සියයට අනූවක් අසාර්ථක බවත් විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර පැවසුවේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ මහා පරිමාණ විදුලි ව්‍යාපෘතිවල දී විදුලිය මිලදී ගැනීමේ ක්‍රියාවලියට විවෘත වෙළෙඳපලේ ටෙන්ඩර් කැඳවීමෙන් ඇතිවන බාධාව කුමක් දැයි විමල් වීරවංශ මන්ත්‍රීවරයා විමසා සිටි අවස්ථාවේ දී ය.
ඊට පිළිතුරු දෙමින් විදුලි බල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර මෙසේ පැවසීය.
“මෙතනදි අපි තිබුණු නෛතික බාධාවක් ඉවත් කිරීම විතරයි කළේ. යම් පුද්ගලයෙක් බලපත්‍රයක් අරගෙන ඒ බලපත්‍රයට ඔහුට අවශ්‍ය විදුලි මිල දී ගැනීමට ගියාම විදුලිබල මණ්ඩලය කියනවා ටෙන්ඩර් ක්‍රමයෙන් ආවෙ නැතිනම් මේ විදුලි මිල දී ගැනීම කරන් බෑ කියලා. සුනෙක්ති බලශක්ති අධිකාරියෙ පනතක් තියනවා වෙනම එකක්. විදුලිබල මණ්ඩලයට පුලුවන් කමක් නෑ ටෙන්ඩර් කරන්න වෙන පුද්ගලයෙකුට අයිති ඉඩමක්.
සුනෙක්ති බලශක්ති අධිකාරියෙ බලපත්‍රය දෙන ආකාරයෙ නිර්නායක එහෙමනම් වෙනස් කරන්න ඔබ යෝජනාවක් ගේනන් ඕන. අනෙක මේ විදුලි මිල තීරණය කරන්නෙ ආයෝජකයා නොවෙයි. නිලධාරී කමිටුවක් මගින්.
සමගි ජන බලවේග මන්ත්‍රී හර්ෂ ද සිල්වා – . ඔබ කියනවා ආයෝජනයේ මිල තිරණය කරන්නෙ නිලධාරී කමිටුවක් මගින් කියලා. .
ඒත් යම් නිශ්පාදනයක හොඳම මිල තීරණය වන්නෙ ලන්සුවලින්. තරගකාරීත්වයක් තියනකොට තමයි හොඳම මිල ලැබෙන්නෙ. ඒක තමයි අවම මිල කියල පනතෙ තිබෙන්නෙ. අවම මිලක් තීරණය කරන්නෙ ලන්සුවෙන්. එයයි ඔබ වෙස් කරන්න යන්නෙ. අපි කියන්නෙත් ඒකයි.
පුංචි ව්‍යාපෘති සඳහා මේ තත්ත්වය එලෙම තියන්න. විශාල ව්‍යාපෘතිවලට මිල සඳහා තරගකාරිත්වයක් දෙන්න. අපි හැමෝම කියන්නෙ ඒකයි. ඒ සඳහා සුනෙක්ති අධිකාරියෙ පනත බාධාවක් නම් අපි පනත වෙනස් කරමු.
සුනෙත්ති බලශක්ති පනත ගෙනැවිත් තියෙන්නෙත් අපි. විදුලිබල පනතෙ ලන්සු ඉවත් කරන්නෙත් අපි. ඇයි අපට බැරි හදිස්සි වෙන්නෙ නැතිව සාකච්ඡා කරලා සුනෙක්ති බලශක්ති පනතයි විදුලිබල පනතයි දෙකම අවශ්‍ය සංශෝධනය කරලා තරගකාරිත්වය තියෙන විදිහට ඉස්සරහට අරන් යන්න.
ඇමති කාංචන විජේසේකර – ඔබ කියන එක හොඳයි. වර්ෂ 2019 පසුගිය අත්දැකීම කියන්නම්. 2019 අපි ටෙන්ඩර් කරලා. ටෙන්ඩර් වලට අඩු මිලගණන් යටතේ පුද්ගලයො එනවා. නැතිව නෙමෙයි. ඒක අරන් ඒ මුදලට කරන්න බැරිව ව්‍යාපෘතිවලින් සියයට 90ක් අද නැවතිලා තියෙන්නෙ. මිල ගණන් සංශෝධනය කරලා දෙන්න කියලා සියලු දෙනාම ඉල්ලා සිටිනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග
උපදේශක කාරකසභාවෙදි අපි යෝජනා කළා මෙගාවොට් 10ට අඩු ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් කැඳවීමකින් තොරවත් මෙගාවොට් 10ට වැඩි ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් කැඳවීමකට යටත්වත් මිලදී ගැනීම් කරන්න කියලා. ඒක එතැනදිත් එතුමා පිළිගත්තා. සාධනීය යෝජනාවලට කන් දෙන්න ලෑස්තියි කිව්වා. කාරක සභා අවස්ථාවේ දි එතුමා ඒක පිළිගත්තා නම් දැන් හරි එතුමා රජය වෙනුවෙන් මුල් ස්ථාවරයට යනවා නම් දැන් උනත් මේ ගැටලුව ඉක්මවා යන්න පුලුවන්.
පනත වෙනස් කිරීමේ පවට නම් කරගහන්නෙ නෑ.







