විදුලිබල මණ්ඩලය විශාල මූල්‍ය අර්බුදයක… ඩලස් කියයි…

ලලිත් චාමින්ද –

“ලංකා විදුලිබල මණ්ඩලය විශාල මුල්‍ය අර්බුදයකට ලක්ව ඇතැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම   අද (09) ගාල්ලේ දී පැවසිය. ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වන විට ලංකා විදුලිබල මණ්ඩලයේ වාර්ෂික අලාභය රුපියල් බිලියන 80 – 85ක් අතර පැවති බවත් 2020 වර්ෂයේ දි එම අලාභය රුපියල්  බිලියන 45 දක්වා අඩුකරගැනිමට හැකිවු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ග්‍රාමිය ආර්ථිකය  නගාසිටුවිමේ ජාතික වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික් ග්‍රාමිය යටිතල පහසුකම් කමිටුවට එක්වෙමින්  ඇමතිවරයා මේ බව සඳහන් කළේය. මෙම රැස්විම ගාල්ල හොල්ඩිගොල් ශාලාවේදි පැවැත්විණි. එහිදි ඇමතිවරයා මෙසේද කිවේය.

“ විදුලිබල මණ්ඩලයේ මුල්‍ය අර්බුදයක් තියෙනවා. 2020 වර්ෂයේ දි විදුලිබල මණ්ඩලයේ අලාභය රුපියල්  බිලියන 45 දක්වා අඩුකරගැනිමට හැකිවුනා. ඒ සඳහා කොවිඩ් තත්වය  වර්ෂාපතනය මෙන්ම කළමණාකරණය බලපෑවා. ලංකාවේ  විදුලිය ජනනය කිරිම සඳහා එක් ඒකයක්  නිෂ්පාදනය කිරිමට  රුපියල් 23.87ක් වැයවෙනවා. නමුත් විදුලි ඒකකයක් ලබාදෙන්නේ  රුපියල් 16.60කට. ඒ අනුව එක් විදුලි ඒකකයකින් රුපියල් 07 අලාභයක් ලබනවා. වාර්ෂික බිලියන 16ක් විතර  අලාභයක් සිදුවෙනවා. විශේෂයෙන් කර්මාන්තකරුවන් සඳහා  රුපියල් 23ට නිපදවන විදුලි ඒකකයක් ලබා දෙන්නේ රුපියල් 12.50ක මුදලකට. 


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාවේ විථිපහන් 4.74000ක් විතර තියෙනවා. ඒ සඳහා මිලියන 02ක් විතර වැයවෙනවා. අඩුආදායම්ලාභි පවුල්  ලක්ෂ 27ක් සදහා විදුලි ඒකක 01 සිට 30 දක්වා  අය කරන්නේ රුපියල් 3.50ක්. විදුලි ඒකක 30 සිට  අයකරන්නේ රුපියල් 5.50ක මුදලක්. මේ නිසා විදුලිබලමණ්ඩලයට වාර්ෂිකව රුපියල් බිලියන 20ක අලාභයක් සිදුවෙනවා. සාම්ප්‍රදායික පොසිල ඉන්ධනවලින් බැහැරව පුනර්ජනනිය බලයෙන් රට සන්නද්ධ කිරිම තමයි අපේ අරමුණ. සුළග ජලය හිරුඑළිය තම ආත්මය බවට පත්කරගනිමු යැයිද  ඇමතිවරයා ඉල්ලා සිටියේය.

 

Exit mobile version