වැලිවේරිය ප්‍රදේශයේ ඊයේ සිදුවන වෙඩි තැබීම එම පුද්ගලයා ඉලක්ක ස්ථානයට ගෙන්වාගෙන සිදුකර ඇති බවත්, එම වෙඩි තැබීම ගණේමුල්ල සංජීවගේ පාර්ශවයෙන් සිදුකරන ලද්දක් බවත් මේ වනවිට විමර්ශන අංශවලට තොරතුරු ලැබී තිබේ.
වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා කෙහෙල්බද්දර පද්මේ ගේ හිතවතෙක් මෙන්ම පද්මේ ලඟින්ම ඇසුරු කරන පුද්ගලයෙකුට ඥාති සම්බන්ධයක් ඇති අයෙක් බව ද හෙළි වී ඇත.
වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ අයෙක් බැවින් ඔහුගේ මෝටර් රථයෙන් වැලිවේරියට ගෙන්වා ගෙන ඇත්තේ ගමනක් යෑම සඳහා බව දන්වමින් බව අනාවරණය වී තිබේ.
ඔහුට වෙඩි වැදී තිබුණේ වම් බාහුවට බැවින් ඔහු වෙඩි ප්‍රහාරය දරාගෙනම ගම්පහ රෝහල වෙත මෝටර් රථය පදවාගෙන පැමිණ ජීවිතය බේරාගෙන තිබේ. ඉදිරියට මෙවැනි ඝාතන උත්සාහයන් සහ සිදුවීම් වාර්තා වීමේ අවදානම ඉහළ යා හැකි බව විමර්ශන අංශවලට තොරතුරු ලැබී තිබේ.
වැලිවේරිය පොලිසිය වැඩි දුර විමර්ශන පවත්වයි.







