මරණ දඬුවම් ලබා වැලිකඩ බන්ධනාගාරයේ සිටින සිරකරුවන් 20 දෙනකු පමණ අද (24) පස්වරුවේ වහළයට නැගී විරෝධතාවක නිරත වන බව වාර්තා වේ.
ඒ තමන්ට පොදු සමාව ලබාදෙන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලමිනි.
අද පස්වරුවේ මහර බන්ධනාගාරයේ රැඳවූවන් පිරිසක් ද ආහාර වර්ජනයක් ඇරඹූ බවට වාර්තා විය.
මෙම විරෝධතා මතුව ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළුව රැඳවූවන් පිරිසක් අද පොසොන් පොහාය යෙදීම නිමිත්තෙන් ජනපති සමාව ලබා නිදහස ලැබූ පසුබිමක දී ය.