වැලිකඩ සිරකරුවන් වහලයට නැග්ගේ ආණ්ඩුව දේශපාලන සිරකරුවන් පිරිසක් නිදහස් කරන ආරංචියකටලු….

වැළිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසක් එහි වහලය මත නැග විරෝධතාවයක් ආරම්භකරනු ලැබුවේ ආණ්ඩුව දේශපාලන සිරකරුවන් පිරිසක් නිදහස්කිරීමේ සුදානමක් ඇති බවට ලද තොරතුරු මත බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය පවසයි.

රටේ නීතිය පිළිබඳ අවිශ්වාසයක් ඇති වූ විට සිරකරුවන්  වුවද මේ ආකාරයෙන් හැසිරීම අපේක්ෂා කළ යුතු බව ඔවුහු පෙන්වා දෙති.

ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ සිරකරුවන් 10 දෙනෙකු ඊයේ (20) පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැග විරෝධතාවයක් ආරම්භ කළේය.


සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය කැඳවුම්කරු සුදේශ් නන්දිමාල්   ප්‍රකාශ කළේ, දේශපාලන සිරකරුවන් නිදහස්කිරීම වෙනුවට දීර්ඝ කාලයක් සිරගත කර සිටින සාමාන්‍ය සිරකරුවන් නිදහස්කිරීමට ආණ්ඩුව පියවර ගත යුතු බවය.

සිරකරුවන්ගේ උද්ඝෝෂණය මේ වනවිටත් ක්‍රියාත්මකය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දෙරණ –

Exit mobile version