බරපතළ වැඩ සහිත සිර දඬුවම් විඳින මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරුන් පවුලේ සාමාජිකයන්ට හෝ හිතවතුන්ට බැලීමට අවසර ලැබෙන්නේ මාසයකට සැරයක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
සියලු අච්චු සිරකරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන නීතිය එය බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණි දිසානායක පැවසීය.
සාමාන්‍යයෙන් එක වරකට තිදෙනෙකුට එම අවස්ථාව ලැබෙන බවද ඔහු සඳහන් කළේය. මේ අතර හිටපු ඇමතිවරුන් දෙදෙනා එකම පොදු ස්ථානයක රඳවා සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
එම දෙදෙනාට බන්ධනාගාරයේ වැඩ පැවරීම සිදුවන අතර ඔවුන් බන්ධනාගාරයේ මුද්‍රණ අංශය වෙත යොමු කිරීමට නියමිත බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය. – ලංකාදීප







