වැඩි කළ ඉන්ධන මිලෙන් IOC ගොඩ ගිය හැටි… පෙට්‍රල් ලීටරයකින් තෙල් සංස්ථාව ලබන ලාභය වගේ දෙගුණයක්..

IOC

තෙල්මිල වැඩි කිරීමෙන් පසු සෑම පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයකින්ම රුපියල් 12.84ක දැවැන්ත ලාභයක් අයි.ඕ.සී සමාගම ජනතා බදු මුදලින් ලබා ගන්නා බවත් එම මුදල තෙල් සංස්ථාව ලබන ලාභය මෙන් දෙගුණයක් බවත් වාර්තා වේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින් මේ බව හෙළි කරනු ලැබුවේ අද ජනතා විමුක්ති පෙරමුණු කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.

එහිදී හිටපු මන්ත්‍රීවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.


මේ මිල වැඩිවීමෙන් ඉන්දියාවෙ අයි.ඕ.සී. සමාගමටත් විශේෂ වරප්‍රසාද ලබාදී තිබෙනවා. 92 පෙට්‍රල් මිල දැන් රුපියල් 157 දක්වා වැඩි වී තිබෙනවා. මේ 157 ගණනය කරන්නේ ගොඩබෑමේ වියදම රු.97.70ක්, සැකසුම් වියදම් හැටියට 10.60ක්, මූල්‍ය පිරිවැය ලෙස රු. 1.84ක් සහ රුපියලක පරිපාලන වියදම් සමග රු.39.33ක බද්දක් එකතුකර කරලා. එසේ කර රුපියල් 150.54ක මුළු වියදමක් ගණන් හදනවා. ඊට ලාභයක් ලෙස සැම පෙට්‍රල් ලීටරයකටම රුපියල් 6.44ක් එකතු කර තමයි රු. 157ක නව මිල තීරණය කරන්නේ. ඒ ලාභය තමයි තෙල් සංස්ථාවට එකතු වෙන්නේ.

මේ ලාභය අයි.ඕ.සී. එකටත් දෙනවා. ඒත් අයි.ඕ.සී සමාගම විසින් නොදරන, එහෙත් තෙල් සංස්ථාව විසින් පමණක් දරන රුපියල් 6.14ක මුදලක් මේ ලීටරයක මිල ඇතුළෙ තිබෙනවා.

සංස්ථාව ලෝක වෙළෙඳපලෙන් තෙල් මිලදී ගන්නේ ණයවර ලිපි මගින්. ඒ ණයවර ලිපියකටම යන වියදමක් ලෙස හැම ලිටරයකටම මුදලක් එකතු වෙනවා. බැංකු ණය ක්‍රියාවලියට, කල් ඉකුත් වුනාම සැපයුම්කරුගේ පොලිය ලෙස මෙහෙයුම් ගාස්තු ලෙස, රුපියලේ උච්චාවචනය හා මෙහෙයුම්වලදී සිදුවන මූල්‍ය පාඩුව ලෙස එකතුවන මේ මුදල රුපියල් 6.16ක්. ඒ වියදම අයි.ඕ.සී සමාගම දරන්නෙ නෑ.

එසේ තිබිය දී සෑම ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින්ම රුපියල් 12.84ක ලාභයක් අයි.ඕ.සී සමාගම ලබනවා. තෙල් සංස්ථාව ලබනවාට වඩා දෙගුණයක ලාභයක්. අනෙක් සෑම ඉන්ධනයකින්මත් ඔවුන් මේ ආකාරයට තෙල් සංස්ථාව වගේ දෙගුණයකට ආසන්න ලාභයක් ලබනවා…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මිනිස්සු මේ ගෙවන්නෙ අතිශය බිහිසුණු කාලයක් බවත්, සමස්ථ ජනතාවගේම ආදායම බිඳ වැටී ඇති මොහොතක ආණ්ඩුව මේ ආකාරයට ඉන්දීය සමාගමකට ජනතාව සූරාගෙන කෑමට ඉඩදීම අපරාධයක් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පෙන්වා දුන්නේය.

Exit mobile version