එකතු කළ අගය මත බදු (සංශෝධිත) පනත් කෙටුම්පත තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (09) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 41කින් සම්මත විය.
එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 82ක් හිමිවූ අතර විරුද්ධව ඡන්ද 41ක් හිමිවිය.
අදාළ බදු පනත් කෙටුම්පත තෙවන වර කියවීම සංශෝධන සහිතව සම්මත වූ බව කතානායකවරයා දැනුම් දුන්නේය.