අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ව්‍යාධි ජනක සහිත යැයි කී චීන පොහොර තොගයට ගෙවීම වළක්වන අධිකරණ නියෝගය ඉවත් කරයි!

by editor
ජනවාරි 3, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සීමාසහිත ක්වින්ඩාවේ සීවින් බයෝටෙක් සමාගමටත්, එහි දේශීය නියෝජිතයාට සහ මහජන බැංකුවටත් එරෙහිව නිකුත් කර තිබූ වාරණ නියෝගය කොළඹ වාණිජ මහාධිකරණය අද (3) ඉවත් කළේය.

අධිකරණය එම තීන්දුව ගනු ලැබුවේ මතභේදයට තුඩු දී ඇති චීන කාබනික පොහොර තොගය සම්බන්ධ සිද්ධිය  සමථයකට පත් වී ඇති බව ශ්‍රී ලංකාවේ පොහොර සමාගම් අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුවය.

කොළඹ කොමර්ෂල් පොහොර සහ ලංකා පොහොර සංස්ථාව විසින් මෙම මෝසම ගොනු කර තිබිණි.

පැමිණිලිකාර සමාගම් සහ විත්තිකරුවන්  ලෙස නම් කර ඇති ක්වින්ඩාවෝ සී වින් බයෝටෙක් සමගාමත්,   එහි දේශීය නියෝජිතයා සහ   මහජන බැංකුවත්    බේරුම්කරණය සඳහා   එකඟ වී ඇති කොන්දේසි පහත පරිදි වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

  1. මහජන බැංකුව ණයවර ලිපියට අනුව තොග වටිනාකමින් 75% ක් ක්වින්ඩාවො සී වින් බයෝටෙක් සමාගම වෙත මුදා හැරිය යුතුය.
  2. ක්වින්ඩාවේ සී වින් බයෝටෙක් සමාගම විසින්  අමුද්‍රව්‍ය  සඳහා සහතිකය ලබාගෙන   පරීක්ෂා කිරීම සඳහා නව කාබනික පොහොර තොගයක නව සාම්පල සකස් කරනු ඇත. කොන්ත්‍රාත්තුවට අනුව, සාම්පල රෝග කාරක වලින් තොර විය යුතු අතර, 1999 අංක 35 දරන ශාක ආරක්ෂණ පනතට අනුකූල බව පරීක්‍ෂා කරන ලද සාම්පල අනාවරණය වූ පසු සහ ආනයන බලපත්‍රයක් ලබා ගැනීමෙන් පසුව පමණක් තොගය නැව්ගත කළ යුතුය.  
  1. කිවින්ඩාවෝ සී වින් බයෝටෙක් සමාගම විසින් දෙවන පොහොර තොගය නැව්ගත කළ පසු මහජන බැංකුව විසින් අදාල මුදල් මුදාහරිනු ලැබේ.

ඉහත කොන්දේසිවලට යටත්ව විත්තිකාර ක්වින්ඩාවෝ සී වින් බයෝටෙක් සමාගමට එරෙහි ක්‍රියාමාර්ගය ඉල්ලා අස්කර ගැනීමට එකඟ වූ බව පැමිණිලිකරුවෝ පවසති.

ආනයන බලපත්‍රයක් නොමැතිවීම හේතුවෙන් පළමු නැව්ගත කිරීම ආපසු ලැබුණු බව සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කිරීමට දෙපාර්ශවය එකඟ වී ඇත.

මෙම නඩුවේ තුන්වන විත්තිකරු වන   චීන සමාගමේ දේශීය නියෝජිතයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජී.ජී.  අරුල්ප්‍රගාසම් කියා සිටියේ කිංඩාඕ සීවින් බයෝටෙක් සමාගමට එරෙහි පැමිණිල්ලේ සඳහන් අසත්‍ය සහ ද්වේෂසහගත චෝදනා හේතුවෙන් සිදු වූ අලාභ ගෙවීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තම සේවාදායකයාට අයිතිය ඇති බවයි.

එවැනි ක්‍රියාමාර්ගයක් ගතහොත් ඒ සම්බන්ධයෙන් ද කරුණු ඉදිරිපත් කරන බව පැමිණිලිකරුවෝ අවධාරණය කළහ.

පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුසන්ත බාලපටබැඳි   පෙනී සිටි අතර මහජන බැංකුව වෙනුවෙන් නීතීඥ කුෂාන් ද අල්විස්   ද සීමාසහිත ක්වින්ඩාවෝ සී වින් බයෝටෙක් සමාගම වෙනුවෙන් නීතිඥ නිහාල් ප්‍රනාන්දු   ද පෙනී සිටියහ.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

භූමිතෙල් වෙනුවට ගුවන් යානා තෙල් බෙදීමේ සූදානමක් !

Next Post

5000 දීමනා ඇතුළු ජනතාවට දෙන සහන පැකේජ මල්ල බැසිල් ප්‍රකාශයට පත්කරයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.