වහාම  ඇඳිරි නීතිය දාන්න! අමාත්‍යංශ විශේෂඥ තාක්ෂණික කමිටුව ලිඛිතව දන්වයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වහාම ඇඳිරි නීතිය දාන්න! අමාත්‍යංශ විශේෂඥ තාක්ෂණික කමිටුව ඇමතිනියට ලිඛිතව දන්වයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් 19 පිළිබඳව තාක්ෂණික කමිටුව ඊයේ (12) රැස් වූ අවස්ථාවේ දී විශේෂඥ වෛද්‍යවරුන් 26 දෙනෙකුගෙන් සැදි කමිටුව වහාම සති දෙකකට රට අගුලු දැමීමක් හො ඇඳිරි නීතිය පැනවීමක් කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත නිර්දේශ කර තිබේ.

එමගින් රටේ සෞඛ්‍ය දේහය තවදුරටත් බිද වැටීම වළක්වා ගැනීමට රුකුලක් වනු අති බවත් දැනට වේගවත් පැතිර යන කොවිඩ් දාමයේ බිඳීමක් සිදුවනු ඇති බවටත් ඔවුන් නිර්දේශ කර ඇත.

මෙම කමිටුව විසින් කරන ලද තවත් නිර්දේශයක් වන්නේ පළාත් අතර සංචරණය පළාත් මායිම් හරහා දැඩි සේ ක්‍රියාත්මක කළ යුතු බවය. එසේම විශේෂයෙන් බස්නාහිර පළාතේ ඩෙල්ටා ප්‍රභේදය බහුලව පවතින බැවින් බස්නාරහිර පළාතට ඇතුළු වන සහ පිටවන ස්ථාන දැඩි සේ ආරක්ෂා කළ යුතු බවටද මෙම තාක්ෂණික කමිටුව අවධාරණය කර තිබේ.

එසේම මේ වනවිට දැඩි සත්කාර ඒකක අධි සත්කාර ඒකකවලට අදාල පුහුණු කාර්ය මණ්ඩල හිඟයක් පවතින බැවින් එම කටයුතු සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුහුණු කිරීමේ අවශ්‍යතාවද අවධාණනය කරමින් ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කර තිබේ. එමෙන්ම රෝගීන්ට නිවැරදි තොරතුරු ලබා දී ඔවුන් දැනුවත් කිරීම සඳහාද කාර්යක්ෂම වැඩපිලිවෙළක් කඩිනම් ව ක්‍රියාත්මක කළ යුතු බවටද මෙම තාක්ෂණික කමිටුව අමාත්‍යවරිය වෙත නිර්දේශ කර ඇත.

මෙම තාක්ෂණික කමිටුව අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් අල්විස් ගේ ප්‍රධානත්වයෙන් රැස්වී ඇති අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ශ්‍රි ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි වෛද්‍ය පද්මා ගුණරත්න , ක්ෂුද්‍ර ජීව විද්‍යා විශේෂඥ ශිරාණි චන්ද්‍රසිරි, ප්‍රජා වෛද්‍ය විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳව මහාචාර්ය ඉන්දික කරුණාතිලක, ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳව මහාචාර්ය මනුජ් ක්‍රිෂාන්ත වීරසිංහ, ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් 26ක ගෙන් සමන්විත වී ඇත.

Exit mobile version