වසර 37ක් කිලෝමීටර් 6000ක් දුරගෙවා පැමිණි පණිවිඩය

මීට වසර 37කට පෙර ජපානයේ උසස් පාසලක සිසුන් පිරිසක් බෝතලයක් තුල දමා මුහුදේ පාකරමින් යැවූ පණිවුඩයක් පසුගිය දිනෙක හවායි දූපතක වෙරළ තීරයකට ගොඩ ගසා තිබේ.

අදාල පණිවුඩය ඇතුලත් බෝලතල කිලෝමීටර් 6000ක් දුරක් පාවී පැමිණ තිබීම විශේෂයකි.

ජපානයේ නැගෙනහිර ටෝකියෝවට ආසන්නයේ පිහිටි චෝෂී උසස් පාසලේ ස්භාවික විද්‍යා සංගමයේ සිසුන් පිරිසක් විසින් 1984ත් 1985ත් අතර කාලයේදී මෙම බෝතලය මුහුදේ පාකරිමින් යවා තිබේ.


ඊට අමතරව තවත් බෝතල් 749ක් ඔවුන් විසින් මුහුදේ පාකරමින්  ‍යවා ඇති අතර එමගින් සාගර තරංග වල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම අපේක්ෂා කර ඇත.

ඒ අනුව අදාල බෝතල් තුල ඉංග්‍රීසි, ජපන් සහ පෘතුගීසි භාෂාවන් ගෙන් එම බෝතලයක් සොයාගතහොත් ඒ පිළිබඳ දැනුම්දෙන ලෙසට සටහන් කර තිබිණි.

මෙම බෝතල් පීලිපීනය, කැනඩාව, ඇලස්කාව වැනි ප්‍රදේශ වලින්ද මීට පෙර සොයාගෙන තිබේ.

එහෙත් මීට අදාල බෝතල් හත්සිය පනහින් පනස් එකක් පමණක් හමුවී ඇති අතර මීට පෙර අවසන්වරට එම බෝතලයක් හමුවී ඇත්තේ 2002 වර්ෂයේ  ජපානයේ නිරිතදිග වෙරළකිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හවායි වෙරළට ගොඩගසා තිබූ බෝතලය ඇබී ග්‍රෑම් නැමති  නව හැවරිදි දැරියක් විසින් සොයාගනු ලැබූ අතර ඇයට විශේෂ සමරු තිලිණයක් තෑගි කිරීමටද අදාල ජපන් පාසල තීරණය කර තිබේ.

Exit mobile version