දිනසේන රතුගමගේ –
පසුගිය වසර දෙක තුළ වවුනියාවේ පමණක් අලි ඇතුන් 67 ක් මරා දමා ඇතැයි වවුනියාව වනජීවී නිලධාරී කාර්යාලය ප්‍රකාශ කරයි.
මෙම වන අලින්ගෙන් 41 ක්ම ගොවියන් විසින් සිදු කරණ ලද විදුලිය ඇදීම් හක්ක පටස් තැබීම් හා වෙඩි තැබීම් වලින් මියගොස් ඇති අතර තවත් 27 ක් මියගොස් ඇත්තේ දුම්රිය අනතුරු හා වෙනත් හදිසි අනතුරු හේතුවෙනි.
2024 වසරේ සිට වවුනියාව දිස්ත්‍රික්කයේ වන අලි මරා දැමීම අවම කිරීම පිණිස නිලධාරීන් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමටත් ගොවියන් දැනුම්වත් කිරීමටත් පියවර ගෙන ඇති අතර ඒ සදහා පළාතේ ග්‍රාම නිලධාරීවරුන්ගේ හා සිවිල් ආරක්ෂක නිලධාරීන්ගේ සහය ලබා ගැනීමට විශේෂ වැඩ පිලිවෙළක් සකස් කොට තිබේ.







