ශ්‍රි ලංකාවේ බැංකු පද්ධතිය තුළ මෙම වසරේ දෙවන කාර්තුව තුළ පමණක් රුපියල් කෝටි 600කට ආසන්න පුමාණයක් වටිනා චෙක් පත් අගරු වී ඇතැයි බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි. පවතින දුෂ්කර ආර්ථික තත්ත්වය හමුවේ බොහෝ ව්‍යපාර ඇද වැටී ඇති බවට වන පිළිඹිමුවක් බව ව්‍යාපාර ආරංචි මාර්ග පෙන්වා දෙයි.
මහ බැංකුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව වසරේ දෙවන කාර්තුව තුළ විවිධ ආයතන සහ පුද්ගලයන් විසින් නිකුත් කරන ලද චෙක්පත් 250,000ක් අගරු වී ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 59600ක් එනම් රුපියල් කෝටි 5960 ඉක්මවයි.
මෙම අගය වසරේ පළමු කාර්තුව සමඟ සසඳන විට සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරයි. වසරේ පළමු කාර්තුවේදී අගරු වී ඇති චෙක්පත් ප්‍රමාණය 192,000කි. එමෙනම් නිකුත් කරන ලද සමස්ත චෙක්පත් අතරින් පළමු කාර්තුවේ අගරු වී ඇති සියයට 2.1ක චෙක් පත් ප්‍රමාණයට සාපෙක්ෂව දෙවන කාර්තුවේ චෙක්පත්වලින් සියයට 3.2ක් අගරු වී ඇති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.
වසරේ පළමු කාර්තුව තුළ දළ වශයෙන් දෛනිකව සාමාන්‍යයන් රුපියල් මිලියන 681ක් පමණ වටිනා චෙක්පත් අගරු වී ඇති අතර එය දෙවන කාර්තුවේදී දෛනික සාමාන්‍ය රුලපියල් බිලියනය පමණ දක්වා වර්ධනය වී ඇති බව ද පෙන්වා දෙයි.







