අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේටත් පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්ට සහ පූජ්‍ය. රත්කරව්වේ ජිනරතන හිමියන්ටත් එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (31) වරෙන්තු නිකුත් කළේය
ඒ අද කැඳවු නඩුවකට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි.
2021 පෙබරවාරි මාසයේදී කොළඹ පෞද්ගලික ගොඩනැගිල්ලක රථගාලකට අනවසරයෙන් ඇතුළුවීමේ චෝදනා මත මෙම නඩුව පවරා තිබිණි.
ඔවුන් මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තබුණේය.
නඩුව දෙසැම්බර් 7 වැනිදා යළි කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.