වව්නියාව නගරාධිපති රාසලිංගම් ගෞතමන් මහතා අද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ වව්නියාව තානායමක කළමනාකරුවකුට සිදුවූ පහරදීමක් සම්බන්ධයෙන් වව්නියාව පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් විමර්ශනය කිරීමෙන් අනතුරුවයි.
නගරාධිපතිවරයා විසින් එම තානායමේ සේවය කරන සේවකයන් දෙදෙනෙකුට ද තර්ජනය කළ බවට පැමිණිලි ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කීය.
සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.