වරෙන්තුපිට සිටි පාස්කු ප්‍රහාරයේ අපරධකරුවන් 2ක් ඔත්තු කරුවන් සේ සේවයේ යොදවලා…

විශ්‍රාමික පොලිස් පරීක්ෂක තැන කොමිසමේ දැඩි දෝෂ දර්ශනයට ලක් වේ

අධිකරණ විනිසුරුවරයෙක් විසින් අපරාධ සිද්ධියක් සම්බන්ධව වහාම අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තුවක් නිකුත් කර තිබූ සහරාන්ගේ කල්ලියේ පුහුණුකාර ආමි මොහිදින් නැමැත්තා අත්අඩංගුවට නොගෙන ඔත්තු කාරයෙක් ලෙස යොදවා ගත් බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික පොලිස් පරීක්ෂක වරයෙක් අද (23) පාස්කු ප්‍රහාරය විමර්ශනය කිරීම සඳහා පත් කර ඇති කොමිසමේ විසින් දැඩි දෝෂ දර්ශනයට ලක් කළේය.  මේ පොලිස් පරීක්ෂකවරයා අධිකරණ වරෙන්තුවක් සහිත ආමි මොහිදින්ව අත්අඩංගුවට නොගෙන අත් හැර තිබුණේ මොහිදීන්ව අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි නැති බව කියමිනි.

සහරාන්ගේ බිරියගේ සහෝදරයාට අයත් යැයි කියන වෑන් රථයකින් වනාතවිල්ලුව ලැක්ටොස්වත්තට පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට අනාවරණය වී තිබයදීත් එම පුද්ගලයාව අත්අඩංගුවට නොගෙන ඔත්තු කරුවෙක් ලෙස යොදා ගන්නටද එවකට විමර්ශන භාරව සිටි මෙම පොලිස් පරීක්ෂකවරයා කටයුතු කර තිබිණි.

වෑන් රථය සොයා ගැනීමෙන් පසු එය අත්අඩංගුවටගෙන රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර තිබුණේ නැත. ඒ වෙනුවට එම වෑන් රථය සැකාර අපරාධකරුට රැගෙන විත් දින 06 කට පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙස මෙම පොලිස් පරීක්ෂකවරයා දැනුම් දී ඇති බවද කොමිසම හමුවේ හෙළි විය.


සහරාන්ව සොයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් සහරාන්ගේ බිරිය පදිංචිව සිටි නිවසට ගිය අවස්ථාවේදී සහරාන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් පවත්වන බැවින් එම ස්ථානයෙන් ඉවත් වන ලෙසට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට සහරාන්ගේ බිරියගේ සහෝදරයා විසින්  දුරකනය ඔස්සේ මෙම නිලධාරියා බලපෑමක් කර ඇති බවද කොමිසම හමුවේ සඳහන් විය. එම දුරකතන ඇමතුම ලැබී ඇත්තේ සහරාන්ගේ බිරියගේ සහෝදරයා හරහා බවද කොසමේදී අනාවරණය විය. කොමිසම මේ පළිබඳව මෙම පොලිස් නිළධාරියාගෙන් දැඩිව ප්‍රශ්න කළේය.

“යම් පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගන්නැයි අධිකරණ විනිසුරුවරයෙක් විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති අවස්ථාවක දී එම නියෝගය ක්‍රියාත්මක නොකර එම පුද්ගලයාව ඔත්තුකරුවෙක් ලෙස තබා ගන්න පුළුවන්ද?“ යැයි කොමිසම විසින් විශ්‍රාමික අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියාගෙන් විමසා සිටියේය. එය වරදක් බව මේ මොහොතේ තමාට වැටහෙන බව ඊට පිළිතුරු දෙමින් ඔහු සදහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සාක්ෂි ලබාගන්නා අවස්ථා කිහිපයකදීම සත්‍ය පවසන ලෙසටත් අසන ප්‍රශ්න වලට පමණක් පිළිතුරු ලබාදෙන ලෙසටත් සාක්ෂිකාර විශ්‍රාමික පොලිස් නිලධාරියාට කොමිසම විසින් දැඩි ලෙස විසින් අවවාද කරනු ලැබීය.

Exit mobile version