වරාය ආරක්ෂක නිලධාරින් විසින් කන්ටේනර් රථ රියදුරෙකුට ඉතාම අමානුෂික ලෙස පහර දෙන ආකාරය දැක්වෙන වීඩියොවක් මේ වනවිට සංසරණය වෙමින් තිබේ.
මේ වනවිට වරාය පරිශ්රය තුළ ඇති වී තිබෙන අධික තදබදය තුළ දින ගණනාවක් තිස්සේ පෝලිම්වල සිටින රියදුරෙකුට මෙසේ පහර දීම සිදුකරන්නේ ඔහු අසල ඇති ජල කරාමයකින් වතුර ටිකක් ගැනීමට ගොස් යළි පැමිණි විට ඇතිවන බහින්බස් වීමකින් අනතුරුවය.
අප දකින්නේ නින්දිත ලෙස මේ රියදුරාට පන්න පන්නා පහර දෙන වරාය ආරක්ෂකයින්ය. මේ සම්බන්ධව විමසීමට මෙම රියදුරා සම්බන්ධ පුද්ගලික ප්රවාහන අංශය සම්බන්ධ කරගත් විට ඔවුන් කිසිවක් නොකියා දුරකථනය විසන්ධි කරන්නේය.
වරාය ප්රවේශය අවලංගු කරන බව පවසමින් රියදුරා බියපත් කර දෙපාර්ශවය සාමදාන කරන්නට කටයුතු කර ඇති බවට වරාය බහාලුම් රථ ප්රවාහන රියදුරුන්ගේ වෘත්තීය සංගම් ප්රකාශ කරයි.
මෙවැනි නින්දිත පහරදීම් කරන්නට මේ තිරිසන් මුර බල්ලන්ට අවසරය දුන්නේ කවුද…. ජනතා ආණ්ඩුවක් පත් කරගත්තේ මෙවැනි කුපාඩිකම් නවත්වා ගන්නට බව වරාය පරිපාලනයට සිහි කරමු.







