කොළඹ වරායේ 06 වන ගේට්ටුව ආසන්නයේදී සිදුකළ වෙඩිතැබීමකින් කාන්තාවන් 04ක් ඇතුළු 09 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි වෙළෙබඩ පොලිසිය පවසයි.
පොලීසිය පැවසුවේ කොළඹ වරාය හරහා ඉදිවන අධිවේගී මාර්ගයේ භාන්ඩ ගබඩාවකින් යකඩ සොරකම් කිරීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමට යෑමේ දී අසල පදිංචිකරුවන් එම සිද්ධියට මැදිහත් වීමෙන් උණුසුම් තත්තවයක් ඇති වී තිබුණු බව පොලිසිය පවසයි. එම අවස්ථාවේ දී වැඩබිමක සේවයේ නිරත පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි හෙළි වී තිබේ.
වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ බ්ලූමැන්ඩල් වත්ත ප්‍රදේශයේ පදිංචි පිරිසකි.
ඒ අතර කාන්තාවන් සිවු දෙනෙක්ද සිටින බවට තොරතුරු වාර්තා වෙයි.
බහින්බස් වීම අතර පෞද්ගලික ආරක්ෂක අංශය සතුව තිබූ ගිනි අවියක් උදුරාගැනීමට යාමත් සමඟ මෙම පෞද්ගලික ආරක්ෂක නිලධාරියා වෙඩි තැබිම සිදුකර ඇත.
වෙඩි වැදුණු එක් පුද්ගලයෙකුගේ තත්ත්වය අසාධ්‍ය බව විමර්ශන අංශ කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.