වරායෙන් තහනම් කළ චීන ටින්මාළු තොගයක් සිටිකර් අලවා සතොස අලෙවිසල්වල විකුණන්න දාලා…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



වරාය අධිකාරිය විසින් තහනම් කරන ලද චීනයෙන් ආනයනය කළ ටින් මාළු තොගයක් අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව සතොස අලෙවිසල් ජාලය මගින් අලෙවි කිරිමට කටයුතු කරමින් ඇතැයි වාර්තා වේ.

මේ වනවිට සතොස අලෙවිසල් වෙත ලැබී ඇති එම ටින් මාළු තොගවල සඳහන් කර ඇති වෙළෙද නාමය සහ දේශීය ව්‍යාපාරිකයාගේ නම වැසෙන ස්ටිකරයක් අලවා අලෙවිය සඳහා ප්‍රදර්ශනය කිරීමට ලිඛිතව දන්වා තිබේ.

මෙම ටින් මාලු තොගයට ඇලවීම සඳහා ස්ටිකරයක් ද නිකුත් කර ඇත. මේ පිළිබදව මෙම ටින්මාලු ගෙන්වා තිබෙන ග්ලෝබල් ට්‍රේඩින් ඉන්ඩ්‍රස්ටීස් ආයතනයෙන් කළ විමසීමක දී ඔවුන් ප්‍රකාශ කළේ තමන් එවැනි ටින් මාළු ලංකාවට ආනයනය කර නොමැති බවය.

Exit mobile version