බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වනඅලි 14 වරක් අලිවැට කඩද්දී පරණ ටයර්වලින් වැට ගසා අලි පන්නන මිනිසා…

by editor
ඔක්තෝබර් 22, 2020 - Updated on ඔක්තෝබර් 23, 2020
in පුවත්
Share on FacebookShare on Twitter
  • සෑහෙන කාලයක් අලින්ගෙ හැසිරීම නිරීක්ෂණය කළා..

  • වැට හැදුවෙ ඉවත ලන ද්‍රව්‍යවලින්… අලි ඇවිත් වැට කඩන්න හදලා යනවා..

  • අවුරුදු දෙකක් තිස්සෙ කිසිම වගා හානියක් නෑ,..

අලිවැට කඩාගෙන අලි වගා බිම්වලට ඇතුළුවීම නිසා වන්නියේ ගොවියෝ විවිධ අසීරුතාවලට පත් වෙති. එයට සාර්ථක විසඳුමක් ලෙස ඉවතලන ද්‍රව්‍ය උපයෝගි කර ගනිමින් ඉතා සාර්ථක ලෙස අලිවැට ක් ඉදි කිරීමට මහව , වතුපලගම තිස්ස බණ්ඩාර අබේසිංහ ට හැකිවිය. මේ අප ඒ නිර්මාණශීලී මිනිසා සොයාගෙන ගිය කතාවය.

තිස්ස බණ්ඩාර අබේසිංහ

මහව නිකවැරටිය පාරේ වතුපලගම ප්‍රදේශයේ දී අපට දැකගත හැකි වූයේ ඉතාමත් සරුවට අස්වද්දා ඇති භූමිය කි. එමෙන්ම මින් පෙර දැක නැති අමුතුම ආකාරයේ අලිවැට ක් ද දුටු නිසා ඒ වගා භූමිය අයිති ගොවි මහතා කවුරුන්දැයි සොයා බැලීමට Lankasara අපි තීරණය කළෙමු.
“මම යුධ හමුදාවෙ ඉදල විශ්‍රාම ගිය කෙනෙක්. ප්‍රයෝජනවත් වැඩක නිරත වෙන්න ඕන නිසා මගෙ ගෙවත්ත අස්වද්දන තීරණය කළා…මේ ප්‍රදේශයේ වියළි කාලගුණය ක් තියෙන නිසා වගා වැඩ කරන්න ගොවි මහත්තුරු මැළිවෙනවා…ඒ නිසා මං වත්තෙ ම ළිඳක් සකස් කර ගත්තා …වැනිලා, ගම්මිරිස් ,පේර, පොල්, කජු, අනෝදා.. විතරක් නෙමේ.. ඕනම එළවළු වර්ගයක් තියෙනවා …..
වගා කරන්න ගියාම අපිට තියෙන ප්‍රධාන ගැටලුව තමයි වල් අලි ප්‍රශ්නෙ… මගෙ වගාව වටේට ඇදලා තිබුණ අලි වැට දාහතර වතාවක් අලි කැඩුවා… මමත් අත හැරියෙ නෑ .. අලි මොළේට වඩා මිනිස් මොළේ වැඩ කරනවා කියල ඔප්පු කරන්න මට හැකිවුනා…..
මං විසින්ම සකස් කර ගත්ත උඩ පැලට වෙලා අලි කොහොමද මේ විදුලිවැට විනාශ කරන්නෙ කියල ඉතා හොඳින් නිරීක්ෂණය කළා… ඊට පස්සෙ අලින්ට ඇතුළු වෙන්න බැරි විදිහට ඉවතලන ද්‍රව්‍ය ප්‍රයෝජනයට අරන් මං වෙනස්ම ආකාරයේ අලිවැට ක් නිර්මාණය කළා….දැන් ඒ වැටට අවුරුදු දෙකයි. තාම කිසිම හානියක් නෑ…..
තමා විසින්ම නිර්මාණය කළ අලිවැට ඉදිකර ගත් ආකාරය පිළිබඳව ඔහු මෙසේ පැහැදිලි කළේය……….

අලි වැට හැදු හැටි

“මම මේ අලිවැට සකස් කරන්න ලී කණු යොදා ගත්තෙ නෑ… හේතුව තමයි ලී කණු අවුරුදු දෙක තුනකින් දිරල යනවා… අනික අලින්ට ලී කණු පෙරලන්න පුලුවන් ..මම ඒ වෙනුවර පරණ ටයර් යොදා ගත්ත ..අක්කරයක් වට කරන්න පරණ ටයර් 105ක් විතර ඕන වෙනවා… පරණ යකඩ බඩු මිලදී ගන්න තැන්වලින් ටයර් ගන්න පුලුවන්… වගා බිමේ මුලු හතරට ටයර් තුනක් විතර අවශ්‍ය වෙනවා… මුල් ටයරය බිම හිටවලා ඒ උඩ තවත් ටයර් දෙකක් විතර ඇණවලින් සවි කරනවා. එතකොට උස අඩි හත අටක් වෙනවා. ප්‍රධාන කණුවල හිස් බෝතල් දෙකක් ගැටගහනවා.සෙන්සර් මිලදී ගන්න ගියොත් රුපියල් 1500ක් විතර වෙන නිසා ඒ වෙනුවට තමයි බෝතල් දෙකක් ගැටගහන්නෙ.
කෙළවර ටයර්වලින් උඩින් දෙපැත්තට එළිය විහිදුවන ආකාරයට ෆ්ලෑෂ් ලයිට් දෙකක් සවි කරනවා… ඊට අමතරව අඩි 30න් 30ට ටයරය ක් හිටවලා ඒක උඩ මෝටාර් සයිකල් ටයරයක් හයි කරල එතන ඉඳල අඩි හතරක් පහක් උසට යකඩ බටයක් ඇණවලින් සවි කරනවා….

RelatedPosts

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

පරණ ටයර් කණු සහා බෝතල් “සෙන්සර්ස්“

විදුලිය උත්පාදන කුටිය වත්ත, ඇතුළෙ සවි කරල ඒ මඟින් වැටට විදුලිය සපයනවා. වත්ත වටේට කම්බි පොටවල් දෙකක් මගින් විදුලිය ලබා දෙනවා..අලි ඇවිත් මේ කණු පෙරළන්න පය ගහල දඟලන බව උඩ පැලේ ඉන්න මට පේනවා.ඒත් ටයර් නිසා වැට එහාට මෙහාට පැද්දෙනවා මිසක් කැඩෙන්නෙ නෑ ..වැටේ ටයර් අලි පෑගීම නිසා පහතට තල්ලු වෙලා ස්ප්‍රීන් එක වගේ කකුල ඉවතට ගත්විට නැවත කෙළින් වෙනවා. ඒ නිසා අලින්ට මේ වැට කඩන්න බෑ. දැන් මං අවුරුදු දෙකක් තිස්සේ සැනසිල්ලේ ඉන්නවා ………
කෙළවර සවි කරල තියෙන හිස් බෝතල් දෙක මගින් වැට කඩන්න උත්සාහ කරන වෙලාවට හොඳ ශබ්දයක් ලබා දෙනවා. ඒ ශබ්දය ඇහුන ගමන් මම උඩ පැලේ ඉඳලම ෆ්ලෑෂ් ලයිට් ඔන් කරනවා. අලි හරි බයයි ෆ්ලෑෂ් ලයිට් එලියට .
අබේසිංහ තව දුරටත් අදහස් දැක්වූයේ සිනහ මුසු මුහුණෙනි……..
“මේ අවට ගම්වල තියෙන සාමාන්‍ය විදුලි වැටවල් නිතරම අලි කඩල දානවා… ඒවා නැවත හදාගන්න සෑහෙන්න කට්ට කන්න ඕන … වනජීවී නිලධාරීන් පස්සෙ යන්න ඕනෑ… ඒත් මං තනියම නිර්මාණය කර ගත්ත අලිවැට පොඩ්ඩක් මහන්සි වුනොත් ඕනම කෙනෙකුට හදාගන්න පුලුවන්… මට ඒ වෙනුවෙන් අවශ්‍ය උපදෙස් දෙන්න පුලුවන් … මගේ දුරකතන අංකය ට 0715906498 කතා කලොත් ඕනම කෙනෙකුට උදව් කරන්න මං ලෑස්ති යි.
මං කියන්නෙ මේ අලිවැටෙන් ප්‍රයෝජන අරගන්න කියල … ඒක සමාජගත කරන්න වගකිවයුත්තෝ දැන ගන්න ඕන… මං තාක්ෂණය හොයාගත්ත.. දැන් ඉහළ පුටුවල අයගෙ ඇස් ඇරුනොත්… වන්නියෙ ගොවියන්ට ගොඩ යන්න පුලුවන් …

සරුසාර වගාව

කොළඹට එළවළු පලතුරු අරගෙන යන ලොරිවලින් මගේ නිෂ්පාදන වෙළෙඳ පොළට යවනවා…මගෙ බිරිඳ යි දරුවො තුන් දෙනයි එක්ක මං සතුටින් ඉන්නේ මේ වගා බිමට පින්සිදු වෙනනයි……….
ජීවිතය දිනා ගත නොහැකිව අනුන්ට දොස් පවරමින් , ජීවත් වෙන බොහෝ මිනිසුන් අතර මේ ගොවි මහතාගේ උත්සාහය ඇගයීමට ලක්විය යුතු නොවේද…??

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

කොවිඩ් නිරෝධායන නීති කඩා විදේශ අමාත්‍යාංශයත් පිස්සු කෙළියි..

Next Post

ගෙවත්තෙන් මතුවුණු පුරාවස්තු ගැන කියන්න දිසාපති හමුවුණු මන්නාරමේ මිනිසා…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

Comments 2

  1. Elephant fence says:
    වසර 6ක් ago

    නියමයි .

    පිළිතුරු සැපයීම
  2. Elephantfence.lk says:
    වසර 6ක් ago

    හරිම නිර්මාණශීලී අදහසක් .

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.