වතුපිටිවල රෝහලේ හදිසි මරණ පරීක්ෂක කොවිඩ් ආසාදිතව මිය යයි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වතුපිටිවල හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසිරි මාරසිංහ කොවඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (22) දහවල් මරණයට පත්වුණු බව වතුපිටිවල රෝහල් ආරංචි මාර්ග සනාථ කළේය.

මරණ පරීක්ෂකවරයා කොවිඩ් රෝග ලක්ෂණ සහිතව රෝගීව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වතුපිටිවල රෝහලට අතුළත් වී ඇත් අතර එහිදී සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයකින් ඔහුට කොවිඩ් වෛරසය වැළඳී ඇති බව තහවුරු වී ඇත.

ඒ අනුව මරණ පරීක්ෂකවරයා වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර අංශයට යොමුකර ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (22) දහවල් මියගොස් තිබේ.

වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වූ චන්ද්‍රසිරි මාරසිංහ ඉතා දීර්ඝකාලයක් වතුපිටිවල රෝහලේ සේවය කළ අයෙකි. ඔහුගේ අවසන් කටයුතු නිරෝධායන නීතිවලට අනුව සිදු කිරීමට නියමිතය.

Exit mobile version