වගා හානියට ආණ්ඩුව වන්දි ගෙවන හැටි මහින්දාන්නද කියයි…

වගා හානි සඳහා වන්දි ගෙවන්නේ   රජය විසින් ලබා දුන් කාබනික පොහොර වර්ග නිසි අයුරින් භාවිත කළ බවට තහවුරු කළ, ඒ භාවිතයන් නිසා  අස්වැන්න අඩු වූ බවට සහතික කරන ලද  ගොවීන්ට පමණක් බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ අද (02) පැවසීය.

සංවේදී නායකයෙක් ලෙස ජනාධිපති තුමා අවශ්‍ය තරම් රසායනික පොහොර ගෙන්වා ඇති බවත්, කැමති අයට එම පොහොර භාවිත කළ හැකි බවත් කී ඇමතිවරයා සහනාධාර ලබා දෙන්නෙ කාබනික හරිත කෘෂිකර්මය තුළ සිටින ගොවීන් සඳහා පමණක් බව ප්‍රකාශ කළේය.

ඇමතිවරයා එහිදී මාධ්‍ය අමතා  කීවේ මෙසේය.


“අතිගරු ජනාධිපති තුමා සංවේදී නායකයෙක්. ගොවීන් පාරට බැහැලා රසායනික පොහොර ඉල්ලුවා. ඒ අනුව රසායනික පොහොර ගේන්න අවස්ථාව දීලා තියනවා. දැන් ඕන කෙනෙකුට රසායනික පොහොර භාවිතා කරන්න පුලුවන්.“

“නමුත් රජය සහනාධාරය ලබා දෙන්නෙ හරිත කෘෂිකර්මාන්තයට පමණයි. පළමුවට කාබනික ඝන පොහොර දුන්නා. කාබනික දියර පොහොර දුන්නා. පොටෑසියම් ක්ලෝරයිඩ් දුන්නා. නැනෝ නයිට්‍රිජන් දුන්නා. පොහොර වර්ග හතර හරියට භාවිතා කරලා නිශ්පාදනයේ අඩුවක් වුනොත් තමයි අපි වන්දි ගෙවන්නෙ.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“නැතිව මේ ගොවියා කට ඇරගෙන බලන් හිටියොත් ආණ්ඩුවකට වන්දියක්  දෙන්න බෑ. අපි දුන්න පොහොරවලින්  යම්කිසි අස්වැන්නෙ අඩුවක් වෙලා තියනවා නම් අපි ගොවියට වන්දියක් ලබා දෙනවා.

Exit mobile version