බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වගා කළ හැකි සියලුම කෘෂිකාර්මික ඉඩම් වගා කිරීම අනිවාර්යයි… වගා නොකළොත් ඉඩම් හිමියන්ට දඩ…

by editor
ජනවාරි 21, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • පෙබරවාරි 15 සිට ක්‍රියාත්මකවන වැඩ පිළිවෙලක්  ගැන ඇමති ලාල් කාන්ත නුවරදී  කියයි!

එළඹෙන පෙබරවාරි 15 වැනිදා සිට ඵලදායීව වගා කටයුතු නොකර අත්හැර දමා ඇති රජයට සහ පෞද්ගලික අංශයට අයත් කෘෂිකාර්මික ඉඩම් වගා කටයුතු සඳහා යෙදවීම අනිවාර්ය කරන බවත්, ඊට අනුගතව ක්‍රියා නොකරන පුද්ගලයන්ට දඩ පැනවීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (21) මහනුවර දී මාධ්‍ය අමතමිනි.

මෙහිදී ඇමතිවරයා අවධාරණය කළේ පොහොසත් රටක් නිර්මාණය කරගැනීම සඳහා රට තුළ ඵලදායීතාවයක් සහිත ඉඩම් පරිභෝජනයක් තිබිය යුතු බවය. මෙහිදී ඇමතිවරයා ප්‍රකාශ කළේ මේ අදහස් කරන්නේ වගා නොකරන ඉඩම් රජයට පවරා ගැනීමක් ගැන කතාවක් නොවන බව ය. එවැනි අදහසක් කිසිසේත්ම නැති බව කී ඇමතිවරයා ප්‍රකාශ කළේ වගා නොකර අත්හළ ඉඩම්වල හිමිකරුවන්ට සිය නීත්‍යානුකූල අයිතිය ඒ ආකාරයෙන්ම තබාගෙන එම ඉඩම් වගා කිරීම සඳහා ප්‍රදේශයේ ගොවි සංවිධාන, රජයේ නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් සමග සාකච්ඡා කර වගාවක් වෙනුවෙන් පැවරීමේ ක්‍රියාවලියක් බවය.

ඇමතිවරයා කීවේ මෙවැන්නකි.

“කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඉඩම් තිබෙන ආයතන ගණනාවක් තියනවා. මෙම ඉඩම් වලින් වැඩි කොටසක් ආර්ථිකයට උපරිම ඵලදායිතාවක් ලැබෙන අයුරින් යොදා ගන්නා ආකාරය මේ වනවිට පෙනෙන්නේ නෑ.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

අදාළ ඉඩම් දියුණු කිරීමේ අරමුණ ඇතිව ඒවායින් උපරිම ඵලදායිතාව ලබා ගැනීම සඳහා අපි නව වැඩසටහනක් සකස් කරලා තියනවා. එය පෙබරවාරි 15 දායින් පසු ක්‍රියාත්මක කරනවා.

වගා කිරීම් වලට අදාළ පනත් කිහිපයක් රටේ තිබෙනවා. එකක් 1979 අංක 58 දරන ගොවිජන සේවා පනත. පසුව 1991 අංක 04 දරන ගොවිජන සේවා (සංශෝධන) පනත ආවා. 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනත ද රටේ බලාත්මකයි.

ගොවිජන සංවර්ධන පනතට 2011 අංක 46 දරන සංශෝධනයක් ද එක්කර තිබෙනවා. මෙම පනත් යටතේ පවතින නීතිමය බලතල රටේ කෘෂිකර්මාන්තයේ සහ කෘෂිකාර්මික නොවන වෙනත් ආර්ථික කටයුතුත් නියාමනය වෙනවා. මේ බලතල රටට උපරිම ඵලදායිතාවක් ලැබෙන සේ පාවිච්චි වී තිබෙන්නේ අවම වශයෙන්.

වගා නොකර ඉඩම් හිස්ව තබාගෙන රට ගොඩනගන්න බෑ. රජයේ ඉඩම් එක් පැත්තකින් තියනවා. අනෙක් පැත්තෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම, මහවැලි අධිකාරිය හා ජනතා වතු සංවර්ධන මණ්ඩලය යටතේ ඉඩම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. කී මේවායින් උපරිම ඵලදායිතාවක් රටට ලැබෙන්නේ නෑ.

වසර ගණන් අඛන්ඩව කිසිදු වගා කටයුත්තක් සඳහා යොදා නොගන්නා හිමිකරුවන් සිටින ඉඩම් ප්‍රධාන මාර්ග දෙපස පවා දකින්න පුලුවන්. පෙර කී පනත් වලට අනුකූලව මෙම ඉඩම් සම්බන්ධයෙන් කටයුතු කළ හැකියි.

ඒ ඒ ප්‍රදේශ වල පවතින කාලගුණික හා දේශගුණික තත්ත්වයන් සැලකිල්ලට ගෙන අදාළ ඉඩම්වල වගා කටයුතු ආරම්භ කළ යුතුයි. හිමිකරු වගා නොකරන්නේ නම් එම ඉඩම් වගා කළ හැකි අයට පවරා දිය යුතු යුතුයි. ඒ සම්බන්ධයෙන් වන තීරණ ඉඩම් හිමිකරු, ගොවි සංවිධාන නියෝජිතයින්, රජයේ නිලධාරීන් ඇතුළු පාර්ශව එක්ව ගත යුතුයි. ් මෙහි දී වගා නොකරන ඉඩමක හිමිකම කිසිසේත්ම ඔප්පුවේ හිමිකරුට අහිමි වන්නේ නෑ.

වැරදි ආර්ථික ප්‍රතිපත්තිවලට අනුව සකස් කළ කැබිනට් පත්‍රිකා හේතුවෙන් රටේ ඇතැම් ඉඩම් අපට අවශ්‍යය ආකාරයට භාවිතයට ගන්න බෑ. පසුගිය කාලයේ කැබිනට් සංදේශයක් මගින් ඉන්දියාවේ අමූල් සමාගමට ඉඩම් ලබාදීම ඊට එක් උදාහරණයක්. ඉතාම ඉක්මනින් එම කැබිනට් තීරණ අහෝසි කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කරනවා. උපරිම ඵලදායිතාවක් ලැබෙන ලෙස ආර්ථික සංවර්ධන කටයුතු වලට අදාළ ඉඩම් භාවිත කිරීමට හැකිවන ආකාරයේ ඇමැති මණ්ඩල සංදේශයක් සම්මත කරගන්නවා. ඒ අනුව ඉදිරියේ දී රජයේ කුමන හෝ ආයතනයක් යටතේ පවතින ඉඩම් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන හිස්ව තැබීමට ඉඩක් දෙන්නේ නෑ..

ඇමතිවරයා පැවසුවේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉදිරි අවුරුදු පහේ පාර්ලිමේන්තුවට විසාල කරදරයක්….

Next Post

කුජීත වූ එස්.එස්.සී ක්‍රීඩා සමාජය බේරාගන්න පළමු පෙළ තරගාවලියේ දින වෙනස් කරලා… ක්‍රීඩා සංගම්වලින් ක්‍රිකට් ආයතනයට චෝදනාවක්…

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.