බ්‍රහස්පතින්දා, ජූලි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

කුජීත වූ එස්.එස්.සී ක්‍රීඩා සමාජය බේරාගන්න පළමු පෙළ තරගාවලියේ දින වෙනස් කරලා… ක්‍රීඩා සංගම්වලින් ක්‍රිකට් ආයතනයට චෝදනාවක්…

by editor
ජනවාරි 21, 2025
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ඉතිහාසයේ ප්‍රථම වරට ක්‍රීඩා සමාජයක් කුජීත වීම වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානතම ක්‍රීඩා සමාජ තරගාවලිය සති 2කින් කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරීත්වය තීරණය කර ඇතැයි වාර්තා වේ.

වාර්තාවන පරදි සිද්ධිය මෙසේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රට තුළ සැලසුම් කරන ඉහළම අන්තර් සමාජ ක්‍රිකට් ක්‍රීඩවලිය වන මෙම තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ නියෝජනයන් සහිතවනවා මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි පෙළ ද බිහි කරන්නේය.

එබැවින් ජාතික වශයෙන් අතිශය වටිනා මෙම තරගාවලිය අදාල බරින්ම මතෙක් කල් පැවතුන අතර තරගාවලිය සැලසුම් කළ දිනදර්ශනය සිල්ලර හේතුමත වෙනස් වන්නේ නැත.

එසේ තිබිය දී තරගාවලියේ දින වෙනස් කරන බවට දන්වා ක්‍රිකට් ආයතනය අද නිවේදනයක් නිකුත් කළේය. හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා සමාජයවල සංචිතයන්හි සිටිනා ජාතික තලයේ ක්‍රීඩකයින් සහභාගී වීමය. ඒ අනුව ඔස්ට්‍රේලියානු තරග සංචාරය නිමා වනතෙක් සති දෙකක් කාලයක් ඉදිරියට තරගාවලිය කල් දමා තිබිණි.

RelatedPosts

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ඉතිහාසයේ මින් පෙර මෙවැනි ජාත්‍යාන්තර තරගාවලි පැවැත්වෙන අවස්ථාවල දී ඊට අනුරූපිව පළමු පෙළ ක්‍රිකට් තරගවල දින දර්ශනය වෙනස් කළේ නැත. අනෙක පළමු පෙළ තරගාවලිය ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා තරගාවලියට පසු හදිසියේ එක්වරම සැලසුම්වූවාත් නොවේ.
තවද මෙවැනි තරග පැවැත්වීමේ පරමාර්ථය ජාතික තලයේ ක්‍රීඩකයන් ගස්සවා ක්ලබ් දිනවීම නොව, ඔවුන් නැති අවස්ථාවක ඔවුන් වෙනුවෙන් යෙදවිය හැකි විකල්ප ඇතිදැයි ප්‍රායෝගිකව අත් හදා බැලීමය.

මේ සියලුම තත්ත්ව සලකා බලද්දී අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත් තීන්දුව අතිශයින්ම ප්‍රශ්නකාරී වූයේය. ලංකාසර තවදුරටත් කළ විමසා බැලීමක දී අනාවරණය වන්නේ අපූරු කතාවකි.

මෙවර අන්තර් සමාජ පළමු පෙළ තරගාවලියේ දී බී ඛාන්ඩයේ අන්ත කුජීත ලෙස පැරදී අන්තිම තැනට වැටී ඉන්නේ කුසල් මෙන්ඩිස්,  ප්‍රභාත් ජයසූරිය, නුවනිඳු ප්‍රනාන්දු, චමිදු වික්‍රමසිංහ වැනි ක්‍රීඩකයින් ක්‍රීඩා කරන එස්එස්සී ක්‍රීඩා සමාජය ය. එය මේ ලකුණු සටහනින් තේරුම් ගත හැකිය.

ජනවාරි 30 සිට පෙබරවාරි 2 දක්වා පැවිත්වීමට නියමිත තරගාවලියේ 5වන වටයත්, පෙබරවාරි 7 සහ 09 දිනවල පැවැත්වීමට නියමිත පැවැත්වීමට නියමිත මේ තරගාවලියේ 06වන වටයත් කුසල්ලා, ප්‍රභාත්ලා, නුවනිඳුලා නැතිව ගැහුවොත් දැනට බී ඛාණ්ඩයේ අවසන් තැනට වැටී සිටින එස් එස් සී කණ්ඩායමට පළමු 06 දෙනා අතරට එන්නට හැකියාවක් නැත.

තරගාවලියේ පළමු 07දෙනා අතරට එක් නොවන එක් ඛාණ්ඩයක අවසන් කණ්ඩායම් දෙක බී ඛාණ්ඩය දක්වා පහළ වැටෙන්නේය. එසේ ඇදවැටුනොත් එස්.එස්.සී කණ්ඩායමට ඊලඟ වසරේ පළමු පෙළ තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව ගිලිහෙන්නේය.

එස්.එස්.සී කණ්ඩායම මේ ඉරණමෙන් බේරා ගැනීම සඳහා ගැසිය හැකි අවසන් තුරුම්පුව ලෙස ලංකාවේ වැදගත්ම පළමු පෙළ තරගාවලියේ කාල සටහන වෙනස් කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කිරීම සම්බන්ධව ඒ ඛාණ්ඩයේ අනෙක් කණ්ඩායම් මේ වනවිට සිය දැඩි අප්‍රසාදය පළ කර තිබේ. ඔවුන් ක්‍රිකට් ආයතනයේ හැසිරීමට නිල වශයෙන් විරෝධය පළකිරීම සඳහා සූදානම් වන බව ද වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වගා කළ හැකි සියලුම කෘෂිකාර්මික ඉඩම් වගා කිරීම අනිවාර්යයි… වගා නොකළොත් ඉඩම් හිමියන්ට දඩ…

Next Post

එක යුද හමුදා කඳවුරකින් පැන්නූ ගිනි අවි 73කින් 35ක් තවමත් පාතාලයන් අතේ… ජනපති හෙළි කරයි!

Related Posts

ක්‍රීඩා

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
ක්‍රීඩා

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
Argentina-England-WCup-Soccer-3
ක්‍රීඩා

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.