වගකීම් නැතිව නිරෝධායන නීති කඩලා…. සජිත්ට එරෙහිව පොලිස් පරීක්ෂණ

කළුතර උද්ඝෝෂණයට සජිත් ඇතුළු සමගි ජන බලවේගයේ පිරිස

කොවිඩ් 19 වෛරසය රට පුරා පැතිරෙමින් තිබිය දී නිරෝධායන නීති උල්ලංඝණය කරමින් ජනතාව රැස් කර උද්ඝෝෂණයක් සංවිධානය කිරීම සම්බන්ධව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට එරෙහිව පොලිස් පරීක්ෂණ අරඹා තිබේ.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න නිදහස් කරන ලෙස රජයට බල කරමින් ජනතාව හා දේශපාඥයින් එක් රැස් කරගෙන සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේගයේ පිරිසක් විසින් පසුගිය 19 වැනිදා  කළුතර නගරයේ දී මෙම උද්ඝෝෂණය පවත්වා ඇත.

ඇඳිරි නීතිය ඉවත්කර තිබුණ ද නිරෝධායන නීති තවමත් පවතින අවස්ථැාවක එම නිරෝධායන නිති උල්ලංඝණය කමින් මෙම උදඝෝෂණය සංවිධානය කරීමත් එය පැවැත්වීමත් පිලිබඳ  ලැබී තිබෙන පැමිණිලි සැලකිල්ලට ගෙන ඒ ම්බන්ධව පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කරළ බව පොලිසිය පවසයි.


බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  දේශබන්දු තෙන්නකෝන් ගේ උපදෙස් මත කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස ගේ මූලිකත්වයෙන් මෙම පරීක්ෂණ දියත් කර ඇත.

මෙම උද්ඝෝෂණ්‍ය කළුතර මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරමින් ක්‍රියාකාරීන් ගෙන්වා ඇති අතර ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම පඑළඹෙන මහ මතිවරණයට සමගි ජනබලවේගයෙන් තරග කරන අපේක්ෂකයන් රැසක් ද සහභාගී වී සිටි බව පොලිසිය විසින් සිදුකළ වීඩියෝපට පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිදුකරන පරීක්ෂණ අවසානයේ දී සජිත් ප්‍රේමදාස ඇතුළු නිරෝධායන නීති කඩකර ඇති නම් එම නීති ප්‍රතිපාදනවලට අනුව දඬුවම් කරන බව පොලිසිය පැවසීය.

 

Exit mobile version