බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වංචනික ගෑස් සිලින්ඩරය තවම වෙළෙඳපොළේ ඇයි?

by Lanka Sara Editor
ජූනි 22, 2021
in පුවත්
anura kumara
Share on FacebookShare on Twitter

වෙළෙඳපොලේ පවතින ගෑස් අඩුවෙන් ඇති වංචනික ගෑස් සිලින්ඩරය, වෙළඳපොළට නිකුත් කිරීමට පාරිභෝගික අධිකාරිය විසින් අනුමැතිය ලබා දී තිබේද යන්න මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී විමසීය.

ස්ථාවර නියෝග යටතේ ප්‍රශ්න ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් විමසන්නේ වංචනික ගෑස් මිල වැඩි කිරීම පිළිබඳව සහ කෘත්‍රිම ගෑස් හිඟය පිළිබඳව ආණ්ඩුව විසින් ගනු ලබන පියවර කවරේද යන්නයි.

මන්ත්‍රීවරයා එහිදී යොමු කළ ප්‍රශ්න පහත දැක්වේ.

“ශ්‍රී ලංකාවේ එල්පී ගෑස් පාරිභෝගිකයන්ට මුහුණදීමට සිදුවී ඇති අසාධාරණ තත්වය හේතුවෙන් මතු වී ගැටලුකාරී තත්වය මෙම සභාවේ අවධානයට යොමු කරනු කැමැත්තෙමි.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

අද වන විට ලංකාවේ ආහාර පිසීමේ ප්‍රධානතම බලශක්ති මූලාශ්‍රයක් බවට එල්පී ගෑස් පත්ව තිබෙනවා. එසේම ගෘහස්ත ගෑස් අත්‍යාවශ්‍ය භාණ්ඩයක් ලෙසට නීතියෙන්ම නම් කරනු ලැබ තිබෙනවා. මෙහි ප්‍රධාන සැපයුම්කරුවන් දෙදෙනා වන්නේ රජයට අයත් ලිට්‍රො ගෑස් ලංකා සමාගම සහ ලාෆ් ගෑස් පුද්ගලික සමාගමයි. පසුගිය අප්‍රේල් මාසයේදී පමණ ලිට්‍රො ගෑස් සමාගම විසින් ‘ලිට්‍රො ප්‍රිමියම් හයිබි්‍රඩ් පැක්’ නමින් ලීටර් 18කින් යුතු නව ගෑස් සිලින්ඩරයක් වෙළඳපොළට නිකුත් කරනු ලැබුවා. මේ වන විට මෙම නව ගෑස් වර්ගය ලාෆ් ගෑස් සමාගම විසින්ද නිකුත් කරමින් ඇති බව වාර්තා වනවා.

මෙම නව එල්පී ගෑස් සිලින්ඩරය ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු බවටද, ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතු බවටද ආරක්ෂිත බවටද ඔවුන් විසින් වෙළඳ දැන්වීම් පළ කර තිබුණා. මෙය සාමාන්‍ය කි.ග්‍රෑ. 12.5 සිලින්ඩරයට වඩා රු. 100/-කින් මිල අඩු බැවින් පාරිභෝගිකයන්ට සහනයක් බවද පවසනු ලැබුවා. කෙසේ වුවද මෙම නව ගෑස් සිලින්ඩරය මගින් තමන් බරපතළ අසාධාරණයකට සහ සූරාකෑමකට ලක්ව ඇති බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා.

නව ගෑස් සිලින්ඩරයේ ගෑස් ප්‍රමාණය ලීටර 18ක් වුවද ගෑස් කි.ග්‍රෑ. 01ක් යනු ලීටර් 1.96ක් වන බැවින් සැබැවින්ම එහි අඩංගු ගෑස් කි.ග්‍රෑ. ප්‍රමාණය 9.18ක් පමණයි. ඒ අනුව කි.ග්‍රෑ. 12.5 සාමාන්‍ය ගෑස් සිලින්ඩරයක් බස්නාහිර පළාත තුළ රු. 1493/-ක් වන බැවින් එහි ගෑස් කිලෝ එකක මිල රු.119.44ක් වෙද්දී නව ‘සහනදායී’ යැයි කියනු ලබන රු. 1395ක් මිල වන ලීටර් 18 සිලින්ඩරයේ ගෑස් කිලෝ එකක මිල රු.151.96ක් වනවා. ඒ අනුව පෙර කි.ග්‍රෑ.12.5 සිලිඩරයේ ප්‍රමාණයට එහි නව ‘සහනදායී ගෑස්’ පිරවූයේ නම් එහි මිල රු. 1899.50ක් වනවා. ඒ අනුව පැරණි කි.ග්‍රෑ.12.5 සිලින්ඩරයටම නව ගෑස් ලිටර් 18 පුරවා මෙම සමාගම් පාරිභෝගිකයන් රැවටීමට ලක් කර සිලින්ඩරයකට රු. 406.50ක අයුතු මිල වැඩි කිරීමක් කර ඇති බව පෙනී යනවා. මෙම මිල වැඩි කිරීම සඳහා පාරිභෝගික අධිකාරියේ අනුමැතිය ලැබී ඇති බවක් දැනගන්නට නැහැ.

මීට අමතරව ගෑස් සමාගම් විසින් නව නිෂ්පාදන හඳුන්වාදීමේදී ජාතයන්තර ප්‍රමිතිය සහ ඉහළ කාර්යක්ෂමතාව පිළිබඳව පාරිභෝගිකයා නොමඟ යවා ඇති බවටද කරුණු වාර්තා වනවා. එල්පී ගෑස් නිෂ්පාදනයේදී ලොව පුරා භාවිත කරන්නේ ප්‍රොපේන් සහ බියුටේන් යන වායු සංඝටක දෙකෙහි මිශ්‍රණයයි. ප්‍රොපේන්හි අඩු ජ්වලන උෂ්ණත්වයක් ඇති නිසා ඒවා වැඩි ප්‍රමාණයක් අඩංගු ගෑස් වඩා සුදුසු වන්නේ ශීත පරිසරයක් සහිත රටවලට බවත් ඝර්ම කලාපීය රටවලට ඉහළ දහන අගයක් සහිත බියුටේන් වැඩි ප්‍රමාණයක් මිශ්‍ර කරන ලද එල්පී ගෑස් සුදුසු බවත් විද්‍යාත්මකව ප්‍රකාශ වනවා. මේ තත්වය තුළ නව සිලින්ඩරයේ ගෑස්වල බියුටේන් ප්‍රතිශතය පහළ දමා තිබියෙදී කාර්යක්ෂමතාව ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයා මුලා කරනු ලැබ තිබෙනවා.

අනෙක් බරපතළ කරුණ වනුයේ පාරිභෝගිකයන් පෙරදී මිලදී ගත් එකම වර්ණය සහිත ටැංකියේ කි.ග්‍රෑ. බර පිළිබඳ සඳහන මකා දමා ලීටර් ප්‍රමාණය මුද්‍රණය කොට වෙනත් ගෑස් මිශ්‍රණයක් පුරවා වෙළඳපොළට නිකුත් කරනු ලැබීමයි. මෙමගින් පාරිභෝගිකයන් පෙර ගෑස් ප්‍රමාණයම මෙහිද අඩංගු බවට නොමඟ යැවීමකට ලක් කෙරෙනවා. මෙසේ පාරිභෝගිකයන් නොමඟ යැවීමද පාරිභෝගික කටයුතු අධිකාරි පනත යටතේ නීති විරෝධී ක්‍රියාවක් වනවා.

එසේම නව නිෂ්පාදනය හඳුන්වා දීමේදී මෙම සමාගම් ප්‍රකාශ කරන ලද්දේ සාමාන්‍ය වර්ගයේ ක්‍රි.ග්‍රෑ. 12.5 ගෑස් සිලින්ඩර් හිඟයකින් තොරව ගත හැකි බවයි. මීට අමතර වශයෙන් අවශ්‍ය පාරිභෝගයන්ට නව ගෑස් මිශ්‍රණය මිලදී ගත හැකි බව ප්‍රකාශ කරනු ලැබුවා. නමුත් මේ වන විට වෙළඳපොළේ සාමාන්‍ය ගෑස් සිලින්ඩර්වල බරපතළ හිඟයක් ඇති අතර වැඩි වශයෙන් මිලදී ගැනීමට ඇත්තේ නව වංචනික ගෑස් සිලින්ඩර් පමණයි.

මෙම තත්වය තුළ මතුවන පහත ගැටලුවලට පිළිතුරු අදාළ අමාත්‍යවරයා විසින් සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා කරනවා.

01. නව ගෑස් සංයුතියක් සහිතව වැඩි කරන ලද මිලකට, අඩු ගෑස් කිලෝග්‍රෑම් ප්‍රමාණයක් සහිත සිලින්ඩරයක් වෙළඳපොළට නිකුත් කිරීමට පාරිභෝගික අධිකාරිය විසින් අනුමැතිය ලබා දී තිබේද?
02. නව ගෑස් සිලින්ඩරයේ ජාත්‍යන්තර ප්‍රමිතිය සහ ඉහළ කාර්යක්ෂමතාව පිළිබඳව කරනු ලබන වෙළඳ ප්‍රචාරණයන් සත්‍ය ඒවාද? ඒ පිළිබඳව ආණ්ඩුවට ඇති සහතිකය කුමක්ද?
03. පාරිභෝගිකයන් විසින් මිලදී ගත් කි.ග්‍රෑ. 12.5 වර්ගයේ සිලින්ඩර්වලට මෙම නව සංයුතිය සහිත අඩු ගෑස් ප්‍රමාණයක් පිරවීම මගින් පාරිභෝගිකයන් නොමඟ යැවීමක් සිදු වන බව ආණ්ඩුව විසින් පිළිගනු ලබන්නේද? එය පාරිභෝගික කටයුතු අධිකාරිය පනත යටතේ වරදක් නොවන්නේද?
04. රට පුරා ගෑස් හිඟයක් ඇති බවත් බොහෝ අලෙවිහල්වල විකිණීමට ඇත්තේ නව අඩු බර සහිත සිලින්ඩර් බවටත් පාරිභෝගිකයන් විසින් නගන චෝදනාව පිළිබඳව ආණ්ඩුවේ මතය කුමක්ද?
05. මෙම වංචනික ගෑස් මිල වැඩි කිරීම පිළිබඳව සහ ගෑස් හිඟය පිළිබඳව ආණ්ඩුව විසින් ගනු ලබන පියවර කවරේද? “

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩෙල්ටා ප්‍රභේදයෙන් බේරීමට නම් එන්නත් මාත්‍රා දෙකම අනිවාර්යයි!

Next Post

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චක්‍රලේඛ වලින්ම කොවිඩ් ආසාදිතයන් සොයා ගැනීමේ විද්‍යාත්මක ක්‍රමය නැති කරලා..

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.