සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝක කුසලානය අභියස ගොක්කොල දකිමින් ලියමු… ඒ තරගාවලියත් පරාදය..

by editor
පෙබරවාරි 2, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

මේ ක්‍රිකට් කෙළිය අපට කළ හැක්කක් නොවේ. එක්කෝ මුං හැදෙන්නට ඕනෑය. නැතිනම් අද දිනයි, හෙට දිනයි කියා හිතමින්  ක්‍රිකට් බලන අපේ විලිලජ්ජා නැතිකම නවත්වා ගන්නට ඕනෑය. දෙකම වෙන්නේ නැත.  මේ ක්‍රිකට් හැදෙන්නේත් නැත.  අප තේරුම් ගන්නට අවශ්‍ය මේ මුන්ට පුලුවන් හරිය බවය.

එංගලන්තයට එරෙහි දෙවැනි විස්සයි විස්ස තරගයත් පරාදය. විස්සයි විස්ස තරගාවලියත් පරාදය. අපට තවම ලෝක කුසලානයට ක්‍රීඩා කරන සංචිතය සම්බන්ධව අදහසක් නැත. මේ සිදුවන්නේ අහවල් දෙයක් දැයි අපට තේරෙන්නේ නැති බවත් කිව යුතුය. මේ සටහන තබන්නේත් ඒ කල්පනාවෙන්මය.

ලංකාවේ නොම්බර 1 දඟ පන්දු යවන්නා වූ ද ලෝකයේත් හොඳම වැඩ්ඩෙක් යැයි අදහස් කරන්නා වූ ද වනිඳු හසරංග හොඳටම ගුටි කද්දි අප අඩීල් රෂීඩ් ඉදිරියේ ඇඹරෙන්නේය. විල් ජැක්ස් ඉදිරියේ දෙකට නැමෙන්නේය.  ලියම් ඩෝසන් ඉදිරියේ  අන්ද මන්ද වන්නේය. අපේ රටේ අපේ දඟ පන්දු යවන්නට හැදූ තණ තීරුවල අපේ දඟ පන්දු යවන්නන්ට පතුරු යන්න වදින විට උන්ගේ දඟ පන්දු යැවීම අපව අඹරා පසෙක තබන්නේය. දැන් අහන්නට සිදුවන්නේ මේ කුණුහරපය කුමක්ද කියාය.

පුද්ගලිකව එන පීඩනය තඹයකට නොතකා රට දිනවූ නායකත්වය –

පල්ලෙකැලේ දෙවැනි තරගයත්  කඩුළු 06කින් පරාදය.  එංගලන්තය  මේ ගැහිල්ල ගහන්නේ කණ්ඩායමට මෙන්ම කණ්ඩායමේ නායකත්වයට ද බරපතල පීඩනයන් එල්ල වෙමින් ඇති පසුබිමකය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

එංගලන්ත නායක හැරී බෲක් හා සම්බන්ධ මතභේදාත්මක පුවත් පැතිරෙමින් තිබිණි.  පසුගිය වසරේ නවසීලන්තයේ වෙලින්ටන් නුවර රාත්‍රී සමාජශාලාවකදී ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් හැරී බෲක් සිදුකළ අසත්‍ය ප්‍රකාශයක් හෙළිවීමත් සමඟ ඔහු දැඩි පීඩනයකට ලක්ව සිටියේය. එම අවස්ථාවේදී තමා තනිව සිටි බව බෲක් පැවසුවද, ඔහු සමඟ ජේකබ් බෙතල් සහ ජොෂ් ටන්ග් යන ක්‍රීඩකයින් ද සිට ඇති බව දැන් තහවුරු වීමත් සමග ක්‍රිකට් නියාමන ආයතනය (Cricket Regulator) මොවුන් තිදෙනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත්තේය.  බෲක්ගේ නායකත්වය පිළිබඳව ද විවිධ විවේචන එල්ල වෙමින් තිබිණි.

ඒත් අදත් ඔහු සිය ඩියුටි එක හරියටම කළේය.

පල්ලේකැලේ පැවති තරගයේ දී කාසියේ  වාසිය දිනාගත් එංගලන්ත නායකයා ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම අද තරග වැදුනේ වෙනස්කම් දෙකක් සමගය. අංක 04 පිතිකරු ලෙස ධනංජය ද සිල්වා වෙනුවට පවන් රත්නායක කැඳවා තිබිණි. පසුගිය තරගයේ දී මෙලෝ රහක් නැති තාලවර්ගයේ ගසක් සේ සිටි මහීෂ් තීක්ෂණ වෙනුවට දුනිත් වෙල්ලාලගේට අවස්ථාව ලැබ තිබිණි.

පවන් තමන් අංක 04 ස්ථානයට උචිත පිතිකරුවා බව අද තමන්ට ලැබුණු මුල් අවස්ථාවේදීම තහවුරු කළේය. මේ තරගයේ ශ්‍රී ලංකාව පැත්තෙන් දුටු එකම ධනාත්මක තහවුරුව එය ය.   පවන්  පන්දු 22ක දී ලකුණු 40ක් ලැබුවේය.  පැතුම් නිශ්ශංක පන්දු 22ක දී ලකුණු 34ක්, කමිල් මිෂාර පන්දු 30ක දී ලකුණු 36ක්, කුසල් මෙන්ඩිස් පන්දු 17ක දී ලකුණු 32ක් ලැබුවේය. චරිත් අසලංක පන්දු 22ක දී ලකුණු 28ක් ලැබුවේය. එහෙත් කිසිවෙක් අර්ධ ශතකයක් ඉක්මවා ගිය ස්ථාවර ඉනිමක් ක්‍රීඩා කළේ නැත.  කෙසේ වෙතත් පන්දු ඕවර 20 තුළ ලකුණු 189ක් ලබා දීමට  ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

පන්දු යැවීමේ දී ජොෆ්රා ආචර් ලකුණු 42ට කඩුළු 02ක්, විල් ජැක් ලකුණු 24ට  කඩුල්ලක්, අදීල් රෂීඩ් ලකුණු 25ට කඩුල්ලක්, ලියම් ඩෝසන් ලකුණු 32ට කඩුල්ලක් ලැබුවේය.

20යි විස්ස වෙනම තලයක –

එහෙත් මේ වනවිට විස්සයි 20 ක්‍රීඩාව පවතින්නේ වෙනම තලයකය. නවසීලන්ත ඉන්දියා තරගාවලිය යන්තමින් හෝ බැලුවා නම් ලකුණු 225ක ඉලක්කයක් වුවද මේ තරගයක් ජයග්‍රහණය කිරීමට ප්‍රමාණවත් නැති බව පෙනෙන්නේය. තරගවල ප්‍රකට වන්නේ “පවර් හිටින්” ආශ්චර්යයන්ය.  අවස්ථා දෙකක දෙසීය ඉක්මවා යන ඉලක්ක ඉන්දියානු කණ්ඩායම හඹා ගියේ පන්දු ඕවර 16ක් ගෙවෙන්නටත් පෙරය.

පවර් හිටින් ගැන විශේෂ උත්කර්ෂ නැති  අප අමාරුවෙන් රැස් කරන  ලකුණු ප්‍රමාණ රැක ගන්නට තරම් විශ්වාසනීය පන්දු යැවීමක් මේ වනවිට කණ්ඩායම තුළ නැත.  දඟ පන්දු යවන්නෙකුගේ මන්දගාමී පන්දුවක් හතරේ සීමාවෙන් එළියට යොමු කරගන්නට හැකි පිතිකරුවන් අපට හිඟ බව මේ තරග දෙකේදීමත් එක්දින තරගාවලියේදීත් පෙනුණේය.

අතර මග ඇද හැලුන වර්ෂාව හේතුවෙන් තරගය කෙටි විය. පන්දු ඕවර 17ක් තුළ ලකුණු 168ක ඉලක්කයක් එංගලන්තයට ලැබිණි. එංගලන්තය එම ඉලක්කය පන්දු 2ක් ඉතිරිව තිබෙද්දී ලබා ගත්තේය.

අප දුටුවේ එංගලන්ත කණ්ඩායමේ අඛණ්ඩ ප්‍රහාරාත්මක පිතිකරණ රටාවය. ජොස් බට්ලර් පන්දු 29ක දී ලකුණු 39කි. ටොම් බෙන්ටන් පන්දු 33ක දී නොදැවී ලකුණු 54කි. බරපතල ප්‍රශ්න රැසකට මුහුණ දී සිටි නායක හැරී බෲක් ඒ ප්‍රශ්නවලට පිත්තෙන් උත්තර දුන්නේය. ඔහු පන්දු 12ක දී ලකුණු 36කි. සෑම් කරන් පන්දු 13ක දී නොදැවී 20කි.

වනිඳු හසරංග පන්දු ඕවර 4 තුළ ලකුණු 44ක් ලබා දුන්නේය. කඩුළු ලැබුවේ නැත. එෂාන් මාලිංග පන්දු ඕවරයයි පන්දු 2ක් යවා ආබාධයකට ලක් වීමෙන් පිටියෙන් ඉවත් විය. මතීෂ පතිරණ පන්දු ඕවර 4 තුළ ලකුණු 47ක් ලබා දුන්නේය.  කඩුළු 02ක් ලැබුවේය. දසුන් ශානක සහ දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ල බැගින් ලැබූහ.

තරගාවලිය පරාදය.  ලෝක කුසලානය ලබන සතියේය.  අපට ගොක්කොල පෙනෙමින් ඇති බව පමණක් ලියා තැබිය යුතුය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

2026 විස්සයි20 ලෝක කුසලානය: පකිස්ථානය ඉන්දියාව සමඟ තරගය වර්ජනය කිරීමට තීරණය කරයි!

Next Post

උතුරු දුම්රිය මාර්ගයේ ගමන තවත් සීමා වෙයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.