ලෝකයේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගන්න අපහසුම රටවල් 05 අතරෙ ලංකාවත්… පොහොට්ටුු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි

මේ ආණ්ඩුව කරන්නත් රනිල්ගේ උපදෙස් නම් ගන්නෙ ආණ්ඩුවට සම්මා සම්බුදු සරණයි...

ලලිත් චාමින්ද –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඩොලර් හිගකම නිසා ලෝකයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාගැනිම සඳහා අපහසුම රාජ්‍යයන් 05 අතරට ලංකාව පත්වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික්ක ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රි අධිනිතිඥ චන්දිම විරක්කොඩි පවසයි.

අක්මිමන ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදි මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය. හෙතෙම මෙසේද කිවේය.

“ජනතාවට ජිවත්විමේ ප්‍රශ්නය තදින් දැනෙන යුගයක්. වෙනදා මේ වගේ අවස්ථාවක සුභසාධන රාජ්‍යයක් හැටියට මැදිහත්වෙන්න අවස්ථාව ලැබුනා. නමුත් අපේ රට ආර්ථික වශයෙන් දැඩි පිඩිත තත්වයට පත්වෙලා ඉන්නේ. ලෝකයේ ආහාර හිඟයක් ඇතිවනවිට අපි වවමු රට නගමු වැඩසටහන යටතේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ දි විවිධ වැඩසටන් ක්‍රියාත්ම කළා. දැන් එහෙම කරන බවක් පෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ. ජනතාවට බඩගින්න තදින්ම දැනෙනවා.“

“මගේ තරහ කාරයෙන් හැරෙන්න මට ඇමති ධුරයක් ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරන කිසි කෙනෙක් නැහැ. මට හිතවත් මට ආදරය කරන කිසිවෙක් ඇමතිධුරයක් ලැබිම ගැන තු න්හිතකින්වත් ප්‍රාර්ථනා කරන්නේ නැහැ.“

“අපේ රටේ දින 27කට තමයි තෙල් සංචිත පවත්වාගෙන යාමට හැකියාව තියෙන්නේ. මා ඇමතිධුරය දරපු කාලයේ උත්සාහ කළා. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකිරණය අත්පත්කරගෙන ගබඩා පහසුකම් ඇතිකරන්න. එමෙන්ම හම්බන්තොට ටැංකි සංකිරණය ඛණිජතෙල් සංස්ථාවට අරගෙන එහි ගබඩා පහසුකම් ආරම්භකරන්න.

නමුත් නමුත් මේ මෙහොතේ මේ රජයට උපදෙස් දෙන කෙනෙක් හැටියට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අපව වැලැක්විමට කටයුතු කළා. මේ ටැංකි සංකිරණ දෙක කඩිනමින් භාවිතයට ගන්නා ලෙස වත්මන් ඇමතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.“

“හිටපු අගමැතිවරයාගේ උපදෙස් අනුව කටයුතු කරපු යහපාලන ආණ්ඩුවට වෙච්ච දේ අපි දැක්කා. එතුමා ගෙන්නලා විශේෂ උපදෙසක් ගත්තාද දන්නේ නැහැ. “

පක්ෂනායකයින් හැටියට කැඳවන්නේ නැතිව රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පමණක් නම් රජය හා ජනාධිපතිවරයා ගන්නේ මේ ආණ්ඩුවටත් සම්මා සම්බුදු සරණයි තමයි කියන්න තියෙන්නේ.“ යැයිද චන්දිම විරක්කොඩි මන්ත්‍රිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

Exit mobile version