බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝකයම බොරුවක්… ගාසා තීරයේ ඇවිලෙන ගිනිදැල් නිරුවත් ඇත්ත පෙන්වා තිබේ!

by editor
ඔක්තෝබර් 19, 2023 - Updated on ඔක්තෝබර් 20, 2023
in පුවත්
Gaza
Share on FacebookShare on Twitter

භාෂිකා හීන්දෙණිය –

බලය මුල් කරගත්  වූ අශිෂ්ඨ අමානුෂික සහ ජඩ දේශපාලනික හැසිරීම අපට අනන්‍ය වූවක් නොව, ලෝක දේශපාලනයේ මහා පොදු සාධකය වී ඇති ආකාරය මේ තරම් අපූරුවට මෑත ඉතිහාසයේ දී රූපණය වූයේ නැත.

ඕනෑම නින්දා සහගත සංහාරයක් තමන්ට අභිමත පාර්ශවය වෙනුවෙන් සාධාරණීකරණය කිරීමට ශිෂ්ඨ සම්පන්න යැයි පවසන බටහිර බලවතුන්  කරන උත්සාහය දැන් නිරුවතින් එළි දැක ඇත.

ගාසා තීරයේ ඇති වී තිබෙන ඊශ්‍රයාල හමාස් යුද්ධය  ආරම්භය  පසුගිය 07 වැනිදා  තුච්ඡ සහ නින්දා සහගත ජන සංහාරයක් බව සෑබෑය.  නිරායුධ සිවිල් ඊශ්‍රයාල වැසියන් අති බහුතරයක් සහිත 1400ක් හමාස් සටන්කරුවන් විසින් ඝාතනය කළේය. එය ඊශ්‍රයාල ඉතිහාසයේ  සිදුවූ බිහිසුණුම ඛේදවාචකය ය.

එහෙත් ඊට සාධාරණය ඉෂ්ට වන්නේ ඊටත් අන්ත තුච්ඡ ජන සංහාරයකින් නම් එය කුමණ ආකාරයකින් හෝ සාධාරණීකරණය කිරීමට උත්සාහ කරන පාර්ශවයක් වේ නම් ඒ  ඇඳුම් තුළ සැඟවී ඉන්නේ ශිෂ්ඨාචාරවත් නොවූ මනසක් සහිත තිරිසන් ආත්ම බව ලියා තැබිය යුතුය.

මේ වනවිට ඊශ්‍රයාලය විසින් ගාසා තීරය කොටුකර  සිදුකරන    ජන සංහාරක යුද්ධයේ දී ඖෂධ නැතිව, ජලය නැතිව,  හාමතේ මැරී වැටීමට නියමිත මිනිසුන්ගේ ජීවිත පිළිබඳ සලකා මානුෂික ආධාර ලබාදීම වෙනුවෙන්  එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණඩලය ඊයේ (18) ඊශ්‍රයාලය හා හමාස් අතර ඇතිවන ගැටුමේ මානුෂි විරාමයක් ඉල්ලූ යෝජනාව    ඇමරිකාව නිශේධ බලය යොදා ප්‍රතික්ෂේප කර තිබිණි.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ලෝක ඉතිහාසයේ නින්දා  සගතම අපරාධයක්

ඇමරිකාව සටන් විරාමයකට එරෙහිව මෙම නිශේධ බලය පාවිච්චි කරන්නේ   ලෝකයේ මෑත ඉතිහාසයේ සිදු වූ බිහිසුණුම මානුෂික අපරාධයක් ගාසාහි දී    වාර්තා වී දිනකට පසුය.

පසුගිය 17 වැනිදා  මිසයිල ප්‍රහාරයකින් ගාසාහී අල්-අහ්ලි අරාබි රෝහලේ රැඳි සිටි 471ක් වූ නිරායුධ අසරණයෝ එක තැනම මිය ගියහ.  රෝගීන්ට අමතරව මෙම රෝහලේ සිටියේ ඊශ්‍රයාලය  විසින් ගාසා තීරය ඉලක්ක කරගෙන  වපුරණ රොකට් වෙඩි පහරින් ජීවිතය බේරා ගන්නට පැමිණි අසරණයින්ය.

Gaza
රෝහලට එල්ල කළ ප්‍රහාරය…

අල් – අල්හී අරාබි රෝහල පිහිටා ඇත්තේ ගාසා නගරයේ ෂුජායියා සහ සයිටවුන් අසල්වැසි ප්‍රදේශ අතර ගාසා හි පැරණි නගරයේ ය.  එහෙත් ඊශ්‍රයාලය විසින්  වටකර ඇති මෙම භූමියේ වූ රෝහලට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධ වගකීම ඊශ්‍රයාලය විසින් බැහැර කළේය. පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සටන්කාමී කණ්ඩායමක් විසින් එල්ල කළ රොකට් ප්‍රහාරයක්  වැරදී ගොස්  රෝහල මත පතිත වූ බව   ඊශ්‍රායලය ප්‍රකාශ කළේය.  කෙසේ වෙතත් පලස්තීන බලධාරීන් ඇතුළු විවෘත මනසකින් මේ යුද්ධය දෙස බලාගෙන ඉන්නා සියලු දෙනා විශ්වාස කරන්නේ එම රොකට් ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඊශ්‍රයාලයෙන් බවය.  එහෙත් ඇමරිකාව එය ඊශ්‍රයාල ප්‍රහාරයක් ලෙස පිළි ගත්තේ නැත.

ඊයේ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රයාලයේ සංචාරය කළේය. ඊශ්‍රයාල අගමැති බෙන්ජමින් නෙතන්යාහූ හමුවුනේය. සහයෝගය ප්‍රකාශ කළේය. ගාසා තීරයට මානුෂික ආධාර ලබා දීමට ඇති හැකියාව ගැන කතා කළේය.  ඔහු කීවේ අල් – අල්හී අරාබි රෝහලට එල්ල කළ ප්‍රහාරය ඊශ්‍රයාල ප්‍රහාරයක් නොව හමාස්  සටන්කරුවන්  විසින් එල්ලකළ ප්‍රහාරයක් යැයි තමන් විශ්වාස කරන බවය.

Gaza
බයිඩන් නෙතන්යාහු හමුව…

මේ අතර අද (19) බයිඩ්න් පසුපස බ්‍රිතාන්‍ය අගමැති   රිෂි සුනක්   හමාස් ට එරෙහි යුද්ධයට ඊශ්‍රයාලයට සහයෝගය දැක්වීමට ඊශ්‍රයාලයට ගියේය. ඔහුත් නෙතන්යාහූට කියා තිබුණේ වටලනු  ලැබූ ගාසා වැසියන්ගේ දුක්ඛිත තත්වය ලිහිල් කරන ලෙසය. සුනක් අද (19)  ඒ ඉල්ලීම කරනවිටත්  ඊශ්‍රායලය අද උදේ සිට  ගාසා තීරයට ගුවනින් පහර දුන්නේය.

ඊයේ සවන් වනවිට  ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ ඔක්තෝම්බර් 7 සිට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පලස්තීනුවන් 3,478 ක් මියගොස් 12,065 ක් තුවාල ලබා ඇති බවය. තවත් මිනිස් ජීවිතවලින් වන්දිය ගැනීම ඊශ්‍රයාලය නරත කර නැත.  ඝාතනය වූ පිරිසට තුන්ගුණයකට ආසාන්න පිරිසක් ඝාතනය කර හය ගුණයකට වැඩි පිරිසක් තුවාල කළ පසුත් සාමාන්‍ය මිනිසුන් ඝාතනය කිරීම ඊශ්‍රයාලය නවත්වා නැත.  දැන් අපට තේරෙන්නේ  මානව හිමිකම් ලෙස උන් හඳුන්වා දෙන කුණුහරපය අපට නොතේරෙන අහවල් එකක් බවය. ඇමරිකානු ජනාධිපති  ඊශ්‍රයාලයට ගොස් කියන්නේ “අනේ නවත්වන්න, පවු” වැනි කතාවකි. එංගලන්ත අගමැති සුනක් කියන්නේද එවැන්නකි.  මිනි මරනු බලාගෙන ඊශ්‍රයාලයට ඇවිත් මේ නපුංසක කතා කියන්නේ ලෝක බලවතුන් වීම මේ ලෝකය හැසිරෙන අශිෂ්ඨ තිරිසන් දෙබිඩි ස්වරූපයේ නිරුවත අපට පෙන්වන්නේය. ලෝකය පට්ට බොරුවක් බව දැන්වත් තේරුම් ගත යුතුව තිබේ.

සුනක් ගේ පැමිණීම

මැදපෙරදිග විරෝධය

ඊශ්‍රයාලය සමග නිරුවතින් දීගයක ගිය  ලෝක බලවතුන්ගේ අලජ්ජී හැසිරීම  මේ වනවිට ලොව පුරා බලවත් විරෝධය නිර්මාණය කර ඇත.

මෙම දැඩි විරෝධය මතුවන්නේ  ඊශ්‍රායල-හමාස් යුද්ධයේ දී ගාසා තීරයේ  පලස්තීනුවන් සිය ගණනක් මරා දැමූ   අල් – අල්හී අරාබි රොහලේ පිපිරීමෙන් පසුය.  ඇමරිකාව විශ්වාස නොකළත් අරාබි ලෝකය විශ්වාස කරන්නේ මේ ප්‍රහාරය එල්ල කළේ ඊශ්‍රයාලය බවය. මැද පෙරදිග ඇති වී තිබෙන රැල්ල විටෙක ප්‍රකාශයට පත් වන්නේ කෝපය මුසු ආවේගයකිනි

ඊයේ ලෙබනනයේ, බේරූට් හි උතුරු  ප්‍රදේශයේ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය අසල විරෝධතාවයක් පැවැත්විනිය. එය ප්‍රචණ්ඩ ස්වරූපයක් ගත්තේය.   ඇමරිකානු තානාපති කාර්යාලයට අතට හසුවන දෙයින් පහර දෙමින්    සිටි විරෝධතාකරුවන්ට ආරක්ෂක හමුදා කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හැරිනි.   .

“ඇමරිකාව යනු යක්ෂයෙක්. සැබෑ යක්ෂයෙක්.  ඔවුන් ඊශ්‍රයාලයට සහය දෙන විට මුළු ලෝකයම අන්ධයි. ,   ඊයේ සිදු වූ දේ ඔබට පෙනෙන්නේ නැද්ද?” ලෙබනන් පෙලපාලිකරු මොහොමඩ් ටහර්  මාධ්‍ය හමුවේ ආවේගයෙන් කතා කරමින් ලෝකයෙන් විමසා සිටියේය.

මේ මානුෂික ව්‍යසනයට එරෙහිව  ඊශ්‍රායලයේ දිවුරුම් දුන් සතුරා වන ඉරාන තුළ රාජ්‍ය අනුග්‍රහය ඇති පාගමන් පැවැත්විණි, පෙලපාලිකරුවන් “ඇමරිකාවට මරණය” සහ “ඊශ්‍රායලයට මරණය” යනුවෙන් සඳහන් කළ බැනර් රැගෙන ගියහ.

“මෙම යුද්ධයේදී මියගිය පලස්තීනුවන්ගේ සෑම ලේ බිංදුවක්ම ඊශ්‍රයාලයේ  බිඳවැටීමට සමීප කරන බව ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි රූපවාහිනී කතාවකදී ඊයේ පවසා තිබිණි.

Gaza
තුර්කියේ ස්ථානබුල් හි ඊශ්‍රයාල විරෝධී ජනගඟ

ඉරාකය තුළ ඉරානයේ පිටුබලය ලබන ෂියා සටන්කාමී කණ්ඩායම්වල ආධාරකරුවන් 300 ක් පමණ එක්සත් ජනපද තානාපති කාර්යාලය සහ අනෙකුත් විදේශ දූත මණ්ඩල පිහිටි බලකොටු සහිත හරිත කලාපයට යන පාලමක් අසල විරෝධතා දක්වා තිබිණි.

“ත්‍රස්තවාදී ඊශ්‍රායලයට  සහයෝගය  දෙන සියලු දෙනාට පරාජය සහ විනාශය ගෙන දෙන බව ඇමරිකානුවන් දැන සිටිය යුතුය,”  ෂියා සාමාජික සයිඩ් අලි අක්බර් පලස්තීන ධජයක් ලෙලවමින් මාධ්‍ය වෙත පවසා තිබිණි.

අම්මාන්හිදී,   ඊශ්‍රායල තානාපති කාර්යාලයට පෙළපාලි යාමට සැලසුම් කරමින් සිටි දහස් සංඛ්‍යාත ජෝර්දාන විරෝධතාකරුවන්ගේ විරෝධතා පා ගමන ආරක්ෂක අංශ විසින් වළක්වා තිබිණි.

ජෝර්දානයේ  ඊශ්‍රායල තානාපති කාර්යාලය අසල දේපළවලට ගිනි තැබූ විරෝධතාකරුවන් සමඟ ඇති වූ ගැටුම්වලින් පොලිසිය කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

ටියුනිසියාවේ , විරෝධතාකරුවන් ඊශ්‍රායල සහ ඇමරිකානු ධජ පුළුස්සා දැමූහ.  ඊශ්‍රායලයට කොන්දේසි විරහිතව සහයෝගය දැක්වීමට එකඟ වූ එක්සත් ජනපද සහ ප්‍රංශ තානාපතිවරු ටියුනීසියාවෙන් නෙරපා හරින ලෙස විරොධතා කරුවෝ ඉල්ලා සිටියහ.

“අසරණ පලස්තීනුවන්ට ආහාර හෝ ජලය නෑ… ඔවුන්ට ඊශ්‍රයාලය  බෝම්බ හෙලමින් සිටිනවා. මෙය ජන සංහාරයක් මිස යුද්ධයක් නොවේ. මෙය අපරාධයක්. අපි විසඳුමක් සෙවිය යුතුයි,” පෙළපාලිකරුවෙකු වන ඉනෙස් ලැස්වෙඩ් පැවසීය.

 යේමනයේ සානා අගනුවර ඊශ්‍රයාලයේ මනුෂ්‍ය ඝාතනයන්ට එරෙහිව  දහස් ගණනක් පෙළපාලි ගියහ. පාලක හවුති ව්‍යාපාරයේ මොහොමඩ් අලි අල්-රම්මා ඊශ්‍රයාලය හෙළා දැක තිබිණි. .

“අපි ඔබ සමඟ සටන් කරන්නෙමු,” ඔහු පලස්තිනුවන්ට  පැවසීය.

බේරූට්හි හිස්බුල්ලා පාලනය යටතේ පවතින දකුණු තදාසන්න ප්‍රදේශවල දහස් ගණන් ජනයා විරෝධතාවයක් සඳහා රැස්ව සිටියහ.  හිස්බුල්ලා සටන් කරුවන්, පලස්තීන සහ ලෙබනන් ධජ ලෙළවමින්   “ඇමරිකාවට මරණය” ලෙස හඬ නගමින් සිටියේය.

ජ්‍යෙෂ්ඨ හිස්බුල්ලා නිලධාරි හෂෙම් සෆීඩින් රැලියට එක්ව පැවසුවේ තම කණ්ඩායම පෙරට වඩා “දහස් ගුණයකින් ශක්තිමත්” බවත් එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ “ද්වේෂ සහගත යුරෝපීයයන්” ප්‍රවේශම් විය යුතු බවත්ය.

ඊශ්‍රායල-හමාස් ගැටුම සමග  ඉස්ලාමීය රාජ්‍ය (අයිඑස්) වැනි අනෙකුත් ඉස්ලාමීය කණ්ඩායම්වල ප්‍රහාරවලට සම්බන්ධ යුරෝපයේ බොහෝ ප්‍රදේශවල ආරක්ෂක ගැටලු මතු වී තිබේ.  ඇමරිකාවක, එක්සත් රාජධානිය ඇතුළු  බටහිර රටවල් මේ වනවිට සිය ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයකින් පසුවෙති.

Gaza
දේශසීමාවේ රැස්කළ ඊශ්‍රයාල සන්නද්ධ හමුදා…

නිමාව කොතැන ද?

මේ ව්‍යසනය කොතැනින් නිමා වනු ඇතිදැයි තවම පැහැදිලි නැත. ඇමරිකානු ජනාධිපතිවරයාගේ සංචාරය අවසානයේ නෙතන්යාහුගේ කාර්යාලය ප්‍රකාශයක් කරමින් පැවසුවේ  ඊශ්‍රායලයට ආහාර, ජලය සහ ඖෂධ සහිත මානුෂීය ආධාර ඊජිප්තුව හරහා දකුණු ගාසා තීරයට ළඟා වීමට ඉඩ දෙන බවය.

හමාස් සංවිධානය ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන තුරු ඊශ්‍රායලයෙන් ආධාර ලබා නොදෙන බව එම කාර්යාලය    අවධාරණය කළේය

ඊශ්‍රායල ප්‍රහාරයකින් හමාස්  සංවිධානයේ ප්‍රධාන ජාතික ආරක්ෂක අංශ ප්‍රධානියා වන මේජර් ජෙනරාල්  ජෙහාඩ් මෙහයිසන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඔවුන්ගේ නිවසේ දී මිය ගිය බව හමාස් සංවිධානයට සම්බන්ධ පුවත් ඒජන්සියක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය අද (19) වාර්තා කර තිබිණි.

දැනටමත් මානුෂීය සදාචාරයේ සීමාවන් විනාශ කළ මෙම යුද්ධය ලෝකය ගිනි නොතබනු ඇතැයි යන ප්‍රාර්ථනාව පමණක් පර්යන්තයේ සිට මේ ව්‍යසනය බලා සිටින අප තුළ තිබේ.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හෙරෝයින් මත්කුඩු සමග උපාධි අපේක්ෂක හිමිනමක අත් අඩංගුවට!

Next Post

අපේ ක්‍රිකට් වළපල්ලට යැවූ මාස්ටර් මයින්ඩ් භූමිකාව!

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.