ලොව විශාලතම තරු නිල් මැණික් (නිල් ආරනූල්) පොකුර රත්නපුරයේ ගෙවත්තකින් හමුවී ඇත.
මැණික් ව්‍යාපාරිකයකුගේ නිවස පසුපස ළිඳක් හෑරීමේදී හමුවී ඇති මේ දැවැන්ත මැණික් පොකුර ඇමෙරිකානු ඩොලර් මිලියන 100කට වඩා වටිනාකමකන් යුතු වන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය බී.බී.සී පුවත් සේවයට පවසා තිබේ.
රත්නපුර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ ළිඳක් හාරමින් සිටි කම්කරුවන් විසින් මෙම ගල සොයා ගත් බව මැණික් ව්‍යාපාරිකයෙක් වන ගමගේ පවසයි. විශේෂයෙන් ඔහු පවසන්නේ සුදුමැලි නිල් පැහැයෙන් යුත් මෙම ගල ජාත්‍යන්තර වෙළඳපොලේ ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් මිලියන 100 ක් පමණ වන බවයි.
මෙම විසල් මැණික් පොකුරේ බර කිලෝග්‍රෑම් 510 ක් හෝ කැරට් මිලියන 2.5 ක් පමණ වන අතර එය “සෙරන්ඩිපිටි නිල් මැණික්” ලෙස නම් කර ඇත.
“ළිඳ හාරමින් සිටි පුද්ගලයා දුර්ලභ ගල් කිහිපයක් ගැන අප දැනුවත් කළා.. පසුවවැඩිදුරටර සොයා බැලීමේදී මේ දැවැන්ත මැණික් පොකුර හඳුනා ගැනෘිමට ලැබුණා
කෙසේ වුවද මෙම මැණික් පොකුර හමුව ඇත්තේ මිට වදසරකට පමණ පෙරදීය. එය නිසි ලෙස පිරිසිදු කර ගැනීමට වසරක පමණ කාලයක්ගත කොට ඇති බව සඳහන් වේ. ආරක්ෂක හේතූන් මත ඔහුගේ සම්පූර්ණ නම හෝ ස්ථානය හෙළි දරව් කිරීමෙන් වැලකී සිටී. පිරිසිදු කිරීමේ ක්‍රියාවලියේදී පොකුරුවලින් සමහර ගල් වැටී ඇති අතර ඒවා ද උසස් තත්ත්වයේ තරු නිල් මැණික් බව හඳුනාගෙන ඇත.
මේ පිළිබඳව බීබීසී පුවත් සේවයට අදහස් දක්වා ඇති ප්‍රකට මැණික් විද්‍යාඥයකු වන ගාමිනීද සොයියසා මහතා පවසා ඇත්තේ ශ්‍රිලංකාවේ කිසිදු තැනකින් තෙරම් විශාල මැණික් පොකුරක් තමන්ට මීට පෙඑ හමුවී නොමැති බවය.