ලොතරැයි දිනුම් ඇදී ඇති බව පවසා විවිධ පුද්ගලයින්ගෙන් කෝටි ගණන් වංචාකළ අයෙක් අත්අඩංගුවට!

දිනසේන රතුගමගේ –

ලොතරැයි දිණුමක් ඇදී ඇති බවට දුරකතන ඇමතුම් ලබා දී යාපනය  ඇතුලු පළාත් ගණනාවක පුද්ගලයින් රවටා ඔවුන්ගෙන් රුපියල් කෝටි ගණනක මුදල් වංචා කළ පුද්ගලයෙකු යාපනය පොලීසියේ වංචා හා දූෂණ මර්දන ඒකකය විසින් ඊයේ ( 7 )   අත් අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට ගත් පුද්ගලයාගෙන් කළ ප්‍රශ්නකිරීම් වලදී මෙම ජාවාරමට සහය ලබා දුන් තවත් පුද්ගලයෙකු බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේදී පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

විදෙස් රටක සිටින තවත් පුද්ගලයෙකුද මෙම මුදල් වංචා කිරීමේ ජාවාරමට හවුල් බවට යාපනය පොලීසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

ලොතරැයි දිණුමක් ඇදී ඇති බව පවසමින් එම කෝටි ගණනක මුදල ඔහුට ලබා දීම සදහා අවශ්‍යවන නීතිඥ ගාස්තු සේවා වියදම් හා බදු වශයෙන් යම් මුදලක් නියම කළ මෙම ජාවාරම්කරුවෝ එම මුදල ඔවුන් සපයා දෙන ගිණුම් අංක වලට බැර කිරීමෙන් පසු ඇමතුම් ලබාදුන් දුරකතන විසන්ධි කිරීමත් බැංකු ගිණුම් අත්හිටුවීමත් සිදු කරණු ලබයි.


මේ අන්දමට යාපනයේ එක් ව්‍යාපාරිකයෙකුට ලැබුණු දුරකතන ඇමතුමකට අනුව ඔහු රුපියල් ලක්ෂ 24  මුදලක් ජාවාරම්කරුවන්ගේ ගිණුම් වල තැන්පත් කිරීමෙන් පසුව ඔහුගේ මුදල් වංචා කොට තිබේ.

පසුව පිළිබදව පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගෙන ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version