ලොක් ඩවුන් නොකළ රටේ මිනිස්සු ස්වයංව “ලොකප් “ වීම අරඹති… කැකිරාවත් සති 02කට වසයි..

මිනිස්සු ස්වයංව “ලොකප් “ වීම අරඹා සිටිති.

රජය රට වසා දැමීමට සූදානම් නොවන මොහොතක වෙළෙඳ සංගම්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල අවබෝධයකින් යුතුව මෙම වාරණයන් දියත් කරමින් ඇත.

කැකිරාව නගරය

මේ වනවිට  වේයන්ගොඩ, මරදගහමුල, ගම්පහ නගරවල සියලු කඩ සාප්පු සතියකින් වසා දැමීමට තීරණය කර තිබේ. කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ලබා දුන් සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම සඳහා වෙළෙඳ සංගමය ඉදිරිපත්වී සියලුම කඩ සාප්පු සතිය දෙකකට වසා දමා ඇත.

හෙට වනවිට මිනුවන්ගොඩ නගරයත් වසා දැමීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ.

“ අපි සම්පූර්ණයෙන්ම වැටිලා. ඒත් මෙහෙම කඩ ඇරගෙන හිටියා කියලා කිසිම ප්‍රයෝජනයකුත් නෑ. මිනිස්සු කඩයකට බඩුවක් ගන්න එන්නෙ නෑ. රෙදි කඩයකට ඇවිත් ඇඳුමක් තොරගන්න, සුපර් මාරකට් එක්ක ඇතුළට ඇවිත් බඩුවක් ගන්න බයයි.  හැම තැනම මරණ වාර්තා වෙමින් තියනවා. රෝහල් ධාරිතාව ඉක්මවා ගිහින්.  මරණ සංඛ්‍යාව වැඩි වෙලා. මේ තත්වය සෞඛ්‍ය අංශවලට යම් තරමින් හෝ වළක්වා ගන්න පුලුවන් නම් අපිට සතියක් දෙකක් වැහුවා කියන ප්‍රශ්නයට වඩා දීර්ඝ කාලීනව හොඳ උත්තරයක් ලැබෙයි.  ඒ නිසා අවබෝධයකින් යුතුවයි මේ තීරණය ගත්තෙ.“  මේ පිළිබඳ විමසූ විට වෙළෙඳ සංගම් ප්‍රකාශකයෙක්  ලංකාසරට පැවසීය.




එහෙත් කඩ සාප්පු ස්වයංව වසා දැමීමට පුද්ගලයින් උනන්දු නොකරන ලෙස රජයෙන් සෞඛ්‍ය අංශ වෙත උපදෙස් ලැබී ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් මිනිසුන් විසින් තත්වය අවබෝධ කරගෙන රට තුළ කඩ සාප්පු වසා දැමීමේ රැල්ලක් නිර්මාණය වීමේ ලකුණු පහළ වී ඇතැයි වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



කොවිඩ් මර්ධනය හා ප්‍රජා සෞඛ්‍ය භාර විශේෂඥ වෛද්‍යවරියක් වූ රාජ්‍ය ඇමතිනිය, විශේෂඥ වෛද්‍ය සංගමය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවට උපදෙස් දී ඇත්තේ දැන් තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගන්නා ලෙසය.

ඉහත ඡායාරූපයන්හි ඇත්තේ කඩසාප්පු සති දෙකකට වසා දැමූ කැකිරාව නගයයි.

Exit mobile version