“සිකුරාදා වෙද්දී ආණ්ඩුව නොකළොත් සදුදා වෙද්දී අපි රට වහනවා” – සෞඛ්‍ය වෘත්තිය සමිති

“බාගෙට ප්‍රතිශක්තිය හදා ගත්තු මහ ජනතාව, අනවශ්‍ය නිරාවරණයකට ලක් කරලා, ‘ශ්‍රී ලාංකේය කොවිඩ් ප්‍රභේදය’ නිර්මාණය කරන තුරු බලා නොඉද, ආණ්ඩුව ලොක් ඩවුන් නොකරන්නේනම්, වෘත්තීය සමිති ඒකාබද්ධව ලොක්ඩවුන් කිරීමක් සදහා සියළු වෘත්තීය සමිති සූදානම්” යැයි රාජ්‍ය, අරධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුවේ සම-කැදවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි.

ඒ අතරම එම ලොක්ඩවුන් කිරීම විද්‍යාත්මක ලොක්ඩවුන් කිරීමක් ලෙස සාර්ථක කර ගැනීමට අදාල පහත අවශ්‍යතා රට තුල සම්පූර්ණ කිරීමටද මෙම “ලොක්ඩවුන් වර්ජන ක්‍රියා මාර්ගයෙන්” ආණ්ඩුවට බල කරන බව නිවේදනයක් නිකුත් කරමින් එම එකමුතුව පවසයි.

ඔවුන්ගේ ඉල්ලීම් පහත දැක්වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


1. දින 10ක විද්‍යාත්මක ලොක්ඩවුන් කිරීමක් සිදු කරන්න.
2. අවම වශයෙන් එම කාළය තුල කොවිඩ් PCR, රැපිඩ් PCR, ක්ෂණික ප්‍රතිපාදන ජනක ඇතුළු කොවිඩ් පරීක්ෂණ ලක්ෂයක් සිදු කරන්න.
3.ආසාදිතයින් වෙන් කරන්න. සාමාන්‍ය රෝග ලක්ෂණ සදහා නිවසේ ප්‍රතිකාර සැලසුම් කරන්න
4. රෝග ලක්ෂණ සහිත අතර මැදි ප්‍රතිකාර අවශ්‍ය අය සදහා ඇදන් ලක්ෂයක අතරමැදි මධ්‍යස්ථාන සූදානම් කරන්න.
5. අත්‍යවශ්‍ය ප්‍රතිකාර සදහා ඇදන් 10000ක් වෙන්කර තබන්න
6.විද්‍යාත්මක ආවේක්ෂණයක් හරහා රෝගය නිවැරදිව පුරෝකථනය කිරීම සැලසුම්.කරන්න
7. එම කාලය තුල සංචාරකයින් ගෙන්වීම වලක්වන්න.
8.සියළු විදේශවල සිට පැමිණෙන ආගමනිකයින්ගේ ප්‍රභේද පිළිබද සැලකිලිමත් වන්න
9. රට තුල හමුවන රෝගීන්ගේ ප්‍රමාණය අනූව කොළ, තැඹිලි, රතු කලාප හදුනා ගැනීම සහ කොළ- තැඹිලි කලාප ආරක්ෂා කරමින් වැඩි දියුණු කිරීම.
10. ලොක්ඩවුන් කාලය තුල ජන අවශ්‍යතා පිළිබදව රජයේ වගකීම ඉටු කරන්න

Exit mobile version