සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක වන කාල සීමාවේදි රථ වාහන අනතුරු සිදුවුවහොත් ඒවාට හිමි රක්ෂණ වන්දි ලබා ගැනීමට සෑම වාහන හිමියකුටම අයිතියක් ඇති බවත් සංචරණ සීමාවේදී අවසර ඇති වාහනවලට පමණක් එම වන්දි ප්රතිලාභ හිමි වන බවට පැතිරෙන කතාවේ සත්‍යතාවක් නොමැති බවත් ශ්‍රි ලංකාවේ රක්ෂණ ක්ෂේත්රයේ නියාමකයා වන ශ්‍රි ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය පවසයි. සංචරණ සීමා (ලොක්ඩවුන් ) කාල සීමාවේදී මාර්ගවල ධාවනය වන වාහන යම් අනතුරකට මුහුණ දුන්නහොත් ඊට අදාළ රක්ෂණ වන්දි ලබාගත හැක්කේ නිසි අවසරය මත මාර්ගයේ ධාවනය වන වාහනවලට පමණක් බවට පැවසෙන කතාව පිළිබඳව ලංකාසර කළ විමසීමකදී මේ බව ඇය සඳහන් කළාය.
“ අපි වාහනයක් රක්ෂණය කරන්නේ යම් කිසි ගිවිසුමකට අනුකූලව. එම ගිවිසුමේ කිසි තැනක එවැනි සඳහනක් නෑ. අනෙක මේ මොහොතේ යමකුට හදිසි අසනීප තත්ත්වයක් නිසා එහෙම නැතිනම් පීසීආර් වැනි වෛද්‍ය පරීක්ෂණයක් සඳහා තමන්ගේ වාහනයකින් යන්න සිදුවන අවස්ථා පැවතිය හැකියි. මේ නිසා එවැනි කොන්දේසියක් පැනවීමේ හැකියාවක් නෑ. මෙරට ක්‍රියාත්මක වන සෑම රක්සණ සමාගමක්ම මේ සම්බන්දයෙන් යම් එකඟතාවක් පවතිනවා. ඔවුන් කාටත් ආදළ නියමිත රක්ෂණ වන්දි ලබා ගත හැකියි.“ දමයන්ති ප්‍රනාන්දු මහත්මිය සඳහන් කරයි.
කෙසේ වුවද මෙම තත්ත්වය තුළ දී වගකීම් සහිත ව වාහන පරිහරණය මෙරට සමස්ත ජනතාවගේ වගකීමක් බවත් ඔවුන් නීතියට අනුකූලව කටයුතු කිරීම ඉතා වැදගත් බවත් අධ්යක්ෂ ජනරාල්වරිය පෙන්වා දුන්නාය.