ලුතිනන් කර්නල්වරයා ඇතුලු එල්ලේ නායකයා ඝාතන සිද්ධියේ සැක කරුවන් 15 තෙක් රිමාන්ඩ්

තොටළඟ ‘අරුණ’ එල්ලේ ක්‍රීඩා කණ්ඩායමේ නායකයා වූ  පිංචාදේවගේ අකිල සම්පත් රත්නසිරි ඝාතනය කළ සිද්ධියට සම්බන්ධ යුද හමුදා ගැමුණු හේවා බළකායේ මෝදර කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් අනූජ සමන්ත තිලකරත්න ඇතුලු සැකකරුවන් 15 දෙනා   ලබන 29 දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම   අද (15) නියෝග කළාය.

සිද්ධියට අදාළ විමර්ශන තවමත් අවසන්ව නොමැති බැවින් සැකකරුවන්ට ඇප ලබා නොදෙන ලෙසට පොලිසිය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නලින් ශ්‍රියන්ත මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් පරීක්ෂණ මෙහෙයවති.


Exit mobile version