සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලියුම් දිදී ඉන්න දෙයක් නෑ… යන්නයි තියෙන්නේ… ලියුමක් දෙනවා නම් නිල නිවසින් ඉවත් වන බවකී මහින්දට ආණ්ඩුව කියයි!

by editor
ජනවාරි 21, 2025
in පුවත්
MAHINDA
Share on FacebookShare on Twitter

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ සහ ජනාධිපති වැන්දඹුවන්ගේ නිල නිවාස සඳහා රජය දරන වැය බර පිළිබඳව අදාල පනත උපුටා දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක  දින දෙකකට පෙර මතුකළ තත්ත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පැහැදිලිවනු ඇති බවත් නිල නිවසින් ඉවත්වනවා නම් ලියුම් ලියමින් නොසිට ඉන් ඉවත් වීම වඩාත් උචිත බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස අද ( 21) ප්‍රකාශ කළේය.

ඔහු කීවේ කරඳඩු මහත්වුන පුතුන් තුන්දෙනෙක් සිටින බැවින් ඔවුන්ට මව සහ පියා රැගෙන ගොස් රැකලබාගැනීමට නොහැකියාවක් ඇතැයි රජය නොසිතන බවය.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව කීවේ ර හිටපු ජනාධිපති මහින්ද රජාපක්ෂ නිකුත් කළ ප්‍රකාශය අනුව ” මම මහින්ද රාජපක්ෂ … ලියුමක් දුන්නොත් පහුවදාම නිල නිවසින් ඉවත් වෙනවා ” ලෙස කළ ප්‍රකාශය අනුව රජය හිටපු ජනාධිපතිවරයාට නිල නිවසින් ඉවත් වන ලෙසට ලියුමක් නිකුත් කරනවාදැයි මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා වූ වෛද්‍ය නලින්ද ජයතිස්ස ඒ පිළිබඳ රජයේ ස්ථාවරය පැවසුවේ මෙසේය.

1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත… මේ පනත සම්මත කරපු පාර්ලිමේන්තුවේ මහින්ද රාජපක්ෂ මන්ත්‍රිවරයා හිටියෙ නැති වුනාට ඊට පස්සේ පාර්ලිමේන්ත ගණනාවක් නියෝජනය කළා. මේ පනත් ක්‍රියාත්මක කරපු ලංකාවේ ජනාධිපතිවරයා වෙලා හිටියා.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

” හිටපු ජනාධිපතිවරයාගේ හෝ හිටපු ජනාධිපතිවරයාගේ වැන්දඹුවගේ වාසය සඳහා උචිත නිවාසයක් නොසැපයෙන අවස්ථාවක අවස්ථාවෝචිත පරිදි හිටපු ජනාධිපතිවරයාගේ හෝ හිටපු ජනාධිපතිවරයාගේ වැන්දඹු බිරියගේ වැටුපෙන් තුනෙන් එකකට සමාන මාසික දීමනාවක් හිටපු ජනාධිපතිවරයාට හෝ හිටපු ජනාධිපතිවරයාගේ වැන්දඹුවට හෝ ගෙවිය යුතුය…” පනතේ තිනවා. මම හිතනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට මේක තේරුම් ගන්න පුලුවන් වේවි කියලා. කියනම් ඉන්න දෙයක් නෑ. යන්නයි තියෙන්නේ.

මාධ්‍ය – පනතෙම පළමු නිර්දේශයෙ තියනව නේද උචිත නිවසක් ලබා දිය යුතුයි කියලා?

ඇමති – උචිත කිව්වාම නිවසේ තක්සේරු වටිනාකම ලක්ෂ 46ක් වූ නිවසක් ලබා දිය යුතුයි කියලා කොතනවත් පනතක නෑ….

මාධ්‍ය – නෑ… උචිත නිවසක්. ගැලපෙන නිවසක්

ඇමති – උචිත කියන එක තීන්දු කරන්නේ පවුල නෙමෙයි. රජයට සපයන්න පුලුවන් නිවස. රජයේ තියයන ආර්ථික තත්්වය සියල්ල සලකා බලන්න ඕන මොන නිවාසද සපයන්න ඕන කියලා. ඒ අනුව එක්කො ඒක ගෙවාගෙන ඉන්න පුලුවන්. එහෙම නැතිනම් ….

මම හිතනවා ඉතින් එතුමට කරඳඩු උස් මහත් වෙච්චි ළමයි තුන් දෙනෙක් ඉන්න නිසා තාත්වයි අම්මවයි ගෙනිල්ලා බලාගනී කියලා.

මාධ්‍ය – එතුමා එහිදී ප්‍රකාශ කරනවා රටේ ව්‍යවස්ථාවක් තියනවා. ව්‍යවස්ථාව අනුව පොඩ්ඩක් කල්පනා කරන්න කියලා.

ඇමති – කවුද කියන්නේ.

මාධ්‍ය – හිටපු ජනාධිපති තුමා.

ඇමති – ව්‍යවස්ථාවේ කිසිම තැනක එහෙම දෙයක් නෑ. නාමල් රාජපක්ෂටත් මම කියනවා ව්‍යවස්ථාවෙ එහෙම දෙයක් කොතනද තියෙන්නෙ කියලා පෙන්වන්න කියලා.

මාධ්‍ය – මේ නීතිය අනෙක් සියලු හිටපු ජනාධිපතිවරුන්ට අදාල ද?

ඇමති – සියලු දෙනාටම අදාලයි. හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපතිවරුන්ගේ වැන්දඹුවන්ට… සියලු දෙනාටම අදාලයි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනපති පළමු අය – වැය පූර්ව සාකච්ඡාවටය මුදල් අමාත්‍යාංශ නිලධාරින් කැඳවයි….

Next Post

ඉදිරි අවුරුදු පහේ පාර්ලිමේන්තුවට විසාල කරදරයක්….

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.