ලාෆ් ඉවත්වූ පසු වහසි කී ලිට්‍රෝ ඇණගනී….. රට පුරා ගෑස් හිඟයක්…

ජනතාව අනවශ්‍ය විදිහට කලබල වෙලා... ගෑස් සංචිත තියනවා... සම කැබිනට් ප්‍රකාශක කියයි...

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලාෆ් ගෑස් සමාගම ඉවත් වූ පසු ඔවුන් විසින් සම්පූර්ණ කළ සියයට 30ක ප්‍රමාණය තමන්ට පිරවිය හැකි බව කී ලිට්‍රෝ ගෑස් සමාගම නිසා පාරිභෝගිකයන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටිති.

අද වනවට නාරික අර්ධ නාගරික ජනතාව මුළුමන්නිම පාහේ ගෘහස්ථ ගෑස් භාවිතයට හුරු වී සිටිති.

මේ වනවිට ලාෆ් ගෑස් මෙහෙයුම් නවත්වා තිබේ. මේ තත්වය පිළිබඳ ලාෆ් ගෑස් සමාගම විසින් වෙළෙඳ ඇමතිවරයාට දන්වා තිබිණි. එහෙත් වෙළෙඳ ඇමතිවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ඒ මෙහෙයුම් ලිට්‍රෝ ගෑස් යටතේ සම්පූර්ණ කළ හැකි බවය.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා  කීවේ ලාෆ් ගෑස් වෙළෙඳපලෙන් ඉවත් වූ විට අවශ්‍ය සැපයුම සම්පූර්ණ කිරීමට ලිට්‍රෝ සමාගමට හැකි බවය.

නමුත් මේ වනවිට ලංකාවේ බොහෝ තැන්වල බරපතල ගෑස් හිඟයක් ඇති වී තිබේ. කෙසේ වෙතත් අද පැවති කැබිනට් තින්දු දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ  දී සම කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ කීවේ ගෑස් තත්ත්වය ගැනත් ජනතාව අනවශ්‍ය ලෙස කලබල වී ඇති බවය.   එක් සමාගමක් විසින් තමන්ගේ ව්‍යාපාර බංකොලොත් බව පවසා අති නමුත් රට සතුව ප්‍රමාණවත් ගෑස් සංචිත තිබෙන බව ඇමතිවරයා පැවසීය.  

Exit mobile version