අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලාඕසයේ වහල් කඳවුරුවල ගාල් කළ ලාංකික තරුණයින් ලවා පරිගණක අපරාධ කරවන තුප්පහි චීන්නු!

by editor
පෙබරවාරි 8, 2023
in පුවත්
young
Share on FacebookShare on Twitter

තායිලන්තයේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රෙය් ඉහළ වැටුප් ලැබෙන රැකියා ලබා දෙන බවට පොරොන්දු වෙමින් ලාඕසයේ පරිගණක අපරාධ සඳහා ශ්‍රි ලංකාවේ තරුණයින් වහල් සේවයේ යෙදවීමේ නූතන වහල් සේවය පිළිබඳව ඇඟ කිලිපොලන අනාවරණයක් සිදු කර ගැනීමට මේ වනවිට හැකිව ඇත.

මේ අනාවරණය ට පාදක වන්නේ පසුගියදා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය ට ලද තොරතුරු මත කළ   වැටලීමකි. මේ සම්බන්ධයෙන් අද ඩේලි මිරර් පුවත් පතේ පළ කරන ලද පූර්ණ ගවේෂෙණ වාර්තාව කියවීමේදි එහි දකින තොරතුරු ඈත අතීතයේ පැවැති වහල් රැකියාවට නොදෙවෙනි ලෙස තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රෙය් වහල් රැකියාවල උගත් උපාධිධාරී තරුණ පරපුර යොදා ගැනීමේ ඛේදනීය අපරාධයක් පිළිබඳව විශාල තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.

සංචාරක වීසා වලින් රටින් පිටවීම

මේ අනාවරණයට මුල පුරා ඇත්තේ මෙම වහල් රැකියා උගුලට ගොස් එහි හසුව සිටින ශ්‍රි ලාංකික තරුණයකු විසින් කරන ලද අනාවරණයක් මතය. පවතින ආර්ථික අර්බුදය හමුවේ රැකියාව අහිමිව ඇති උගත් තරුණයකු වන ඔහු ට මිතුරකු පවසා ඇත්තේ තායිලන්තයේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ එනම් ඔවුන්ගේ භාෂාවෙන් අයි ටී ෆීල්ඩ් එකේ හොඳ ජොබ් එකක් ලබා ගත හැකි බවය. අදාළ සම්බන්ධතා ගොඩ නගා දුන් ඔහුගේ උපදෙස් මත මෙම තරුණයා තායිලන්තය බලා යන්නේ මාස තුනක සංචාරක වීසා භාවිත කරමිනි.

විදේශ සේවා නියුක්ති කාර්යංශය පසුගිය කාලය තුළ සිය දහස් වතාවක් සංචාරක වීසා මත රැකියාවලට කවුරු කීවත් කවුරු සහතික දුන්නත් නොයන ලෙස උපදෙස් දුන්නද මෙයින් පෙනී යන්නේ නූගත් කාන්තාවන් පමණක් නොව උගත්, උපාධිධාරී ඉංග්‍රිසි භාෂාව චතුර ලෙස හැසිරවිය හැකි තරුණයන් පවා ඉවක් බවත් නැති ව යන බවය.

පසුගිය දෙසැම්බර් මැද භාගයේදී ශ්‍රි ලංකාවෙන් යන මේ තරුණයා බාර ගැනීමට පිරිසක් පැමිණෙන අතර ඔවුන් ඔහු බැංකොක් නුවර ජැසොටෙල් නැමැති තරු තුනේ හොටලයක දින තුනක් රඳවා ඉතිරි කටයුතු සිදු කරන බව පවසා ඇත. ඒ වනවිට එම හෝටලයේ මෙම රැකියා බලාපොරොත්තුවෙන් තවත් රටවල් කිහිපයකම තරුණයන් සිටි බව මෙම තරුණයා පවසයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අපරාධය සිදුවන ලාඕසයේ රන් ත්‍රිකෝණය කලාපය මීකොන් ගඟට පෙනෙන අයුරු….

තායිලන්තයෙන් ලාඕසයට

දින දෙකක් ඇවෑමෙන් ඔවුන් අභ්‍යන්තර ගුවන් සේවයක් මගින් ලාඕසයට ආසන්න තායි ගුවන් තොටුපළක් වන මේ ෆාන් ලුවාන්ග් චියාන් ගුවන් තොටුපල වෙත ගමන් කොට එතන් සිට මීකොන් ගඟ අධිවේගි බෝට්ටුවකින් තරණය කර ලාඕසයේ කුඩා චීනය ලෙසින් හැඳින්වෙන බෝකියො පළාතට රැගෙන ගොස් තිබේ. එහි ඇති ප්‍රකට රන් ත්‍රිකෝණ ලෙසින් සැලකෙන අක්කර දස දහසක් පමණ වන චීන ව්‍යාපාරිකයන්ගේආධිපත්‍යය යටතේ   ඇති  ප්‍රදේශයක සුඛෝපභෝගී මහල් නිවාසයක් වෙත රැගෙන ගොස් තිබේ.

ඔවුන්ට කිසිදු අපහසුවකින් තොරව ලාඕසයේ වීසා ලැබී ඇති අතර මේ වීසා කිසිදු තැනකදී පරීක්ෂා නොකළ බව මෙම තරුණයා පවසයි. එයින් හෙළි වන්න් අදාළ ජාවාරම්කරුවන් මෙම අගමන විගමන නිලධාරීන් අතර පවතින දැඩි දැන හැදුනුම්කම බව ඔහු විශ්වාස කරයි.

එසේම ඔවුන් එහිදී යොමු කෙරුණේ සම්පූර්ණයෙන්ම ආවරණය වු සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් වෙතය. මෙම නිවාස සංකීර්ණයේ නිදා ගැනීමට පොදු ඉඩක් වෙන් කර තිබු අතර තමන්ට පැවරෙන රාජකාරිය කෙතරම් අමානුෂික වංචනික එකක් ද යන්න ඔවුන්ට එතැනට යන තෙක්ම අවබෝධ වී නැත. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ  සුපිරි සුදු කොලර රැකියා පසුපස ගිය මේ තරුණයා තමන්ට පැවරුණු විස්මය ජනක රජජකාරිය ගැන මෙසේ පවසයි.

රන් ත්‍රිකෝණය කලාපය ගුවනින් පෙනෙන අයුරු

විශ්මය ජනක කුප්පහි රාජකාරිය – 

“ අපට එතනට යන තෙක් අවබෝධයක් තිබුණේ නෑ මොකටද මේ යන්නේ කියල. මේක අතිශය සංවිධානාත්මක ජාවාරමක්. එහි සම්බන්ධතා ශ්‍රි ලංකාවේත් තිබෙනවා. මාව එම රැකියාවට හඳුන්වා දුන් මිතුරාටත් ඒ වෙනුවෙන් ඩොලර් 500ක් ලැබුණ කියල ම එහිදී දැන ගන්නට ලැබුණා.”

“අපට තියෙන්නේ හරි අමුතු වහල් රාජකාරියක්. මේක සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ චීන ජාතිකයින් පිරිසක්. ඒත් එහි ප්‍රධානියා කවරෙක්දැයි අපට හඳුනා ගන්නට ලැබුණේ නෑ. එතැනින් පහළ සිටින සියල්ලලෝම චීන්නු. ඔවුන් කරන්නේ මුලින්ම අපේ පාස්පොට් ඇතුළු සියලුම අනන්‍යතා ලිය කියවිලි ඔවුන් භාරයට ගන්න එක. ඊට පසුව ඔවුන් අපට ඇමතීමට අන්වර්ථ නාමයක් දෙනවා. මේ වැඩපිළිවෙළ යද්දී අපට තේරුනා මෙතන වෙනන් යම් අබිරහස් වැඩක් වෙනව කියල.”

“ඊට පස්සේ එතන අයගෙන් අපට දැන ගන්නට ලැබුනේ මොකක්ද කෙරෙන්නේ කියල. අපට මුලින්ම ඔවුන් ඇපල් අයි ෆෝන් අටක් දෙනවා. ඒ සමඟ සිම් පත් අටක් සහ ගෙවීම් කාඩ්පතක් ලබා දෙනවා. ඔවුන් දෙන ඊළඟ උපදෙස එයින් දුරකථන තුනකට හින්ග් Hinge කියන ඩේටිං ඇප් එක දමා ගැනීම. තවත් දුරකථන දෙකකට බූ (BOO) කියන ඇප් එක දැමිය යුතුයි. දුරකථන අටෙන් දෙකකට වට්ස්ඇප් ටෙලිග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය ඇප් දාන ලෙස ඔවුන් උපදෙස් දෙනවා. ඊට අමතරව තවත් දුරකථන දෙකක් සම්පූර්ණයෙන්ම රාජකාරී කටයුතු සඳහා පමණක් භාවිත කළ යුතු බවට ඔවුන් නිර්දේශ කරනවා.”

“මෙතන ඉන්නවා කණ්ඩාවයම් නායකයින්. අප ඔවුන්ගේ කණ්ඩායම් යටතට පත් කරනවා. මේ කණ්ඩායම් නායකයන් සියල්ලම චීන්නු. අප කළ යුත්තේ ඊළඟට මේ දුරකථන භාවිත කර කාන්තාවකගේ ප්‍රොපයිල් එකක් හැදීම. කොහෙන් හරි ලසස්න ඡායාරූප ටිකක් සමාජ මාධ්‍යවලින් හොයාගෙන ව්‍යාජ නමකින් ගිනුමක් එනම් ප්‍රොෆයිල් සෑදිය යුතුයි. මම ඔවුන්ගේ උපදෙස් අනුව තුර්කි ජාතික තරුණියකගේ ඡායාරූප ඇයගේ ෆේස්බුක් ගිණුමෙන් අරන් ඇය හා සමානව මෙම ඩේටිං ඇප්වල වෙනම ප්‍රොපයිල් හැදුවා. ව්‍යාජ ගිණුම් හැදුවා.

රාජකාරිය ඇරඹීම.

දැන් අපි රාජකාරියට සූදානම් . අපට තියෙන්නේ මේ ජංගම දුරකථන භාවිත කරල වයස අවුරුද 37ට වැඩි පිරිමි ඇමෙරිකානුවන් සමඟ හාද වීම. ඔවුන් සමඟ ඇසුරු කිරීම. ඒ ඔස්සේ ඔවුන්ගේ දුරකථන අංක ලබා ගැනීම. අපට දවසකට දෙන ඉලක්කය එවැනි ඇමෙරිකනු පිරිමින් පස් දෙනකු සමඟ හාද වීම.“ තරුණයා පවසා ඇත.

මෙම චීන්නුන් දෙන උපදෙස් බව කියවෙන්නේ ඇමෙරිකානුවන් සමඟ සම්බන්ධ වීමේදී ඔවුන් ගේ ෆේස්බුක් ඉන්ස්ට්‍රග්‍රාම් ගිණුම් බලා මුදල් හදල් ඇති නිතර රට රටවල සංචාරය කිරීමට කැමති පුද්ගලයන් විශේෂයෙන් සම්බන්ධ කර ගන්නා ලෙසයි.

“ ඔවුන් අපට කාන්තාවන්ගේ ස්වරූපයෙන් චැට් කිරීම, කාන්තාවන්ගේ රුචි අරුචිකම් ආකල්පවලට අනුගත වී පිරිමින්ට සමීප වීම ඔවුන්ට හැඟීම් ලබා දීම ආදරය කිරීම වැනි දේවලින් වැඩි බැඳීමක් ලබා ගන්නා ලෙසයි.
ඊළඟට මේ සම්බන්ධතා ඔස්සේ ටෙලිග්‍රෑම් ඇප් එක ඔවුන්ට බාගත කර ගන්නා ලෙස උපදෙස් දෙන්න කියනවා. මම හෙට අනිද්දා වෙන රටකට යනවා ඒ නිසා එහෙදී කතා කරන්න වෙන්නේ ටෙලිග්‍රුම් ගිණුමෙන් කියල ඒ ගිණුමක් ලබා ගන්න කියනවා. ඊට පසුව ඔවුන් කරන්නේ කෙමෙන් ක්‍රිප්ටෝ මුදල් ආයෝජනය පැත්තට ඔවුන් පෙලාඹවා ගැනීම. ඔවුන්ට ඇති කාර්යය එපමණකි.

ඒ තත්ත්වයට පත් වූ පසුව ගිණුම තනිකරම මෙහෙයවන්නේ පළපුරුදු ජාවාරම්කරුවන්ය. ඔවුන් මේ සබඳතාව තවදුරටත් ගෙන ගොස් මෙම ධනවත් ඇමෙරිකානුවන් ක්‍රිප්ටෝ ආයෝජනවවලට පොලඹවා ගන්නා වේශයෙන් ඔවුන්ගේ මුදල් මෙම ජාවාරම්කරුවන්ගේ ගිනුම්වලට සූක්ෂම ව හරවා ගැනීම සිදු වන්නේ මහා පරිමාණයෙනි.

මේ දැවැන්ත සංවිධානාත්මක ජාවාරමේ අතරමැදි සම්බන්ධීකරණ කාර්යය කාන්තාවක ස්වරූපයෙන් රඟපෑම ඔවුන් සතු මූලික කොටසයි.

වහල් කඳවුරේ දඬුවම්

එහෙත් මේ නූතන තොරතුරු තාක්ෂණ වහල් කඳවුරේ සේවය කරන උගත් වහල් සේවකයන්ට මේ රාජකාරිය නිසි ලෙස නොකෙරුවොත් විවිධ ශාරීරික වධ හිංසනයන්ට ගොදුරු කිරීම චීන්නුන් අතින් සිදුවන දෙයකි. ඊට අමතරව වැඩි විරෝධයක් දැක්වුහොත් විදුලිය සැර වැද්දීමටද කටයුතුකරන වග මේ තරුණයා දෑසින්ම දැක ඇත.

කෙසේ වුවද ඔහු මේ වනවිට මෙම වහල් කඳවුර වෙත දැඩි විරෝධයක් එල්ල කිරීමෙන් පසුව ඔහු එතනින් ඉවත් කර ඇත්තේ කිසිදු ගෙවීමකින්  තොරවය. යන එන මං නැතිව සිටින ඔහු තවත් එවැනිම තැනකින් යමක් උපයාගෙන ආපසු පැමණීමේ අභිලාශයෙන් සිටී.

එසේ වුවද මෙකි ශෝකී ඉරණමට ගොදු වූ තරුණයන් ගණනාවක් මේ වහල් කඳවුරේ සේවය කරන බවත් තවත් පිරිසක් නිහඬව තම පවුල්වලට කියා ඔවුන්ගේ වියදමින් ආපසු ගෙන්වාගෙන ඇත.

මේ වනවිට මේ ජාවාරමට සම්බන්ධ එක් පුද්ගලයකු මාතර දී අත්අඅඩංගුවට ගෙන ඇති අතර විදේශ සේවා නියුතක්ති කාර්යාංශය විසින් කරන ලද වැටලීමෙන් ගැලවී පැන ගිය තවත් සැකකරුවකු පිළිබඳව  සෙවීමට මෙහෙයුම් අරඹා ඇත.

ආරථික අර්බුදය නාසයෙන් උඩටත් ගිලී ඇති රටේ ජනතාව කුමක් හෝ පිදුරු ගහක එල්ලීමට තැත් කිරීම අද සංසිද්ධියක් ව තිබේ .

ඒ තතත්වය මත මේ භයානක ප්‍රවණතාව   අප මේ ගොහොරුවේ  තවදුරටත් ගිල්වනන්ට ඉඩ තිබේ. එහිදී අප නොදැනුවත්ම මේ වංචනිකයන්ගේ අවතේවකරුවන් විය හැකිය. නැතනම් ගොදුරු බවට පත්විය හැකිය.

මේ සිදුවීමේ ජවනිකා දෙස බලා කල්පනාවෙන් කටයතු කළ යුතුය

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දිනේෂ් ෂාෆ්ටර් මිය ගොස් ඇත්තේ ගෙල සිරවීමෙන් නොවේ… සයනයිඩ් විෂ වීමෙන්… අධිකරණයේ දී හෙළි වේ…

Next Post

මුජිබර් රහ්මාන්…. කවුද මේ කොළඹ හාදයා?

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.