සෞදි අරාබියේ රඳවා සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ අවසන් කණ්ඩායම දිවයිනට

සෞදි අරාබියේ රියාද් සහ ජෙඩා හි රැඳවුම් කඳවුරුවල රඳවා සිටි ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් අවසන් කණ්ඩායම වන 103 දෙනකු අද දිවයිනට ගෙන්වා ගැනීමත් සමග නැවත එම කටයුතු අවසන් කර තිබේ.

ඔවුන් අද දින සෞදි ගුවන් සේවයේ SV 786 යානයෙන් ශ්‍රී ලංකාවට ආපසු පැමිණ තිබුණි.

2021 අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ආරම්භ කරන ලද නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක‍්‍රියාවලියේ අවසාන අදියර මෙයයි.


මෙලෙස කාන්තාවන් 49 ක් සහ පිරිමින් 131 ක් ඇතුළු පුද්ගලයන් 180 දෙනෙක් නැවත ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබේ.

2020 ජූලි මාසයේ සිට පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයන් 334 දෙනෙකු සෞදි අරාබියේ සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පිටුවහල් කිරීමේ කඳවුරේ රැඳවියන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ මෙම ක්‍රියාවලිය, සෞදි බලධාරීන්, රියාද්හි ශ්‍රී ලාංකික තානාපති කාර්යාලය සහ ජෙඩාහි කොන්සල් ජනරාල් කාර්යාලය අතර පැවති අඛණ්ඩ සහයෝගීතාවයේ ප්‍රතිඵලයකි.

Exit mobile version